(17) රිදුම

105 41 8
                                    

සොක්ජීන් හා ගාරම්⁣ගේ නිදහස් හමුවෙන් පසුව ඔවුන් අතර තිබුනු අපහසුතාවය පිරැන හැඟිම් ඔවුන් අතරින් පලා ගියා. එයට නිසි හේතුවක් හෝ ඔවුන් නොදැන සිටියා. නමුත් එය දිගින් දිගට විමසා සිත වෙහෙසට පත් කිරීම ඔවුන් දෙදෙනාම පසෙක තැබුවා.

දින කිහිපයක ඈවමකින් සොක්ජීන් ඔහු වෙත කාලය ලැබුන නිමේශයේ ම දල්හ්වජේ වෙත තම අසු ගෙන ගියා.

ඔහුගේ හදේ වුන නවමු හැඟිම ඔහුව ඒ කරා ඇඳ බැද ගැනීමට සමත් උනා.


එය හිමිදිරි උදෑසනක් වුවත් වැසි වලාවන් අඳුරැ ලෙසින් ⁣බෙක්ජේ අහස වසාගෙන තිබුනා. නමුත් සොක්ජීන් හට එය කිසිඳු බාධාවක් නොවුනා.

අසුගෙන් බට වුන සොක්ජීන් හැල්මේ ම පා තබමින් ගාරම්ගේ කුටිය වෙතට ඇවිද ගියා. ඔහුගේ පැමිණිම දල්හ්වජේ වලට ආගන්තුක කරැණක් නොවුනා මෙන්ම සොක්ජීන් ඉතා හුරැපුරැදු අයෙක් විලස එහි ඇතුලු වුනා.

නමුත් විවර වුන ද්වාරය නිසා සොක්ජින්ගේ හදේ වුන සුවදායි හැඟිම් සියල්ල ඔහු වෙතින් පලා ගියා.





" ගා....ගාරම්........."





සොක්ජීන්ගේ හඬින් තිගැස්සි ගිය ගාරම් ද්වාරය අසළ හුන් සොක්ජින් දෙස බැලුවා. ඇගේ කිරි පැහැති උරහිස් වලින් සේද පහළට රැරා වැටි තිබුන අතර කුඩා රක්ත පැහැයට හුරැ රටාවන් ඇගේ සම මත වැටි තිබුනා.

අසළ වුන බඳුනේ උන ජලයෙහි උණුසුම ඈ වටා එක්රොක් ව තිබුනා. ඇගේ දෑතෙහි තිබුන කුඩා ⁣ශ්වේත වර්ණ සේදය පසෙක තැබු ගාරම් සැනින් ඇගේ සේදය අල්වා ගත්තා.

සොක්ජීන් නිහඬව ඇය දෙස බලා සිටියා. සොක්ජීන්ගේ ඒ නිහඬබවට ගාරම්ගේ හද දැවී ගියා. ඇ⁣යට දැනුන කායික වේදනාවට වඩා සිතෙහි ඇති වුන රිදුම වේදනා ගෙන දෙන බව ඇයට හොඳින් ම වැටහීමට පටන් ගත්තා.

සොක්ජින් ඇය වෙත ඇවිද ආවා. ඇගේ පළිඟු දෑස් හමුවෙන් ඇය අසළ ඔහු අසුන් ගත්තා. ඇගේ පළිඟු දෑස් කියවීම අපහසු වුන තැන සොක්ජීන් ඇයට කතා කලා.



" ගා...රම්........."


සොක්ජීන්ගේ හඬෙහි තිබුන බිඳුනු බව ගාරම්ගේ හද කම්පා කලා. ඇය ගැන අල්ප මාත්‍රයක් හෝ සිතා වදවීමට සොක්ජීන් සිටින වග ගාරම්ගේ හද දැන සිටියා. ඉදින් එය ඇයට නවමු හැඟිමක් වුවත් එය රිදුම් දුන්නා.






COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Where stories live. Discover now