(10) නදි අසබඩ

141 50 12
                                    

එකවරම පියවි සිහියට එළඹුන සොක්ජින් මැඳුර වෙත ඇවිද ගියා. කුඩා කල තම කුටිය වෙත ගිය සොක්ජින් එහි පහන් දැල්වීමත් පසෙකලා එහි වු කුඩා දැවමය අසුරන විවර කරන්නට පටන් ගත්තා.

අසුරන කිහිපයක්ම ඇද පසෙකට දැමු සොක්ජින් නැවතුනේ දැවයෙන් සාදා රිදීයෙන් කැටයම් කර තිබුන කුඩා පැළඳුම් අසුරනයක් නිසයි.

අඳුරේ වුවත් රිදි කැටයම් නිසා දිලෙන අසුරනය දෑතට ගත් ඔහු එහි උඩු පියනෙහි වු සියුම් දුහුවිලි තට්ටුව දෑතින්ම පිස දමා එය විවර කලා.

තම හස්තයට දැනුන පළඳනාව නිසා සොක්ජින් හට හැඟුනේ කුමක් ද යන්න ඔහුට නොවැටහුනා. ඔහුගේම සුසුම් හඬ පමණක් ඇසෙන කුටියෙන් සොක්ජින් පිටතට පැමිණියේ පැළඳම් අසුරනයත් සමඟින්මයි.

" කිමද සිත මෙතරම් විඩාබර ව... "


සොක්ජින් තමාගෙන්ම විමසුවේ සඳ එළියට දිලිසෙන පළඳනා කොටස දෙස බලාගෙනමයි.

එදින සොක්ජින් නින්දත් නොනින්දත් අතර විටින් විට සංග්‍රාමයක යෙදුනේ කුඩා කල ඔහුගේ මතක සේයා ඔහු වටා එක් වුන නිසයි.

පසුදින උදෑසන සොක්ජින් මාළිගය වෙත ගියේ අධිරජු සමඟින් ඉදිරි ආරක්ෂක සැලසුම් පිළිබඳ සංවාදයක් කිරීමටයි.

එයින් අනතුරුව​ අධිරජුන් සමඟ ම දිවා අහර ලබාගත් සොක්ජින් සවස් යාමයේ කුමරැන් හා කඩු හරඹයක යෙදුනා.

" පළිඟු දිස්නය දැරීම අපහසු නොවේද... සෙම්පතිතුමනි...!! "

සටන අතරතුර සොක්ජින් විසින් එල්ල කල පහරක් වළකමින් කුමරැන් විමසුවේ සිනාවෙමිනි.

⁣⁣කුමරැන් හට සිනාවකින් සංග්‍රහ කල සොක්ජින් එකවරම තම ප්‍රහාරයේ දිශාව වෙනස් කොට කුමරැන් නොමඟ යවා ඔහුගේ අසිපත බිම හෙලුවා.

" පළිඟුවේ... හැඩය..... වෙන යම් ආකාරයකට නිසි ලෙස ඔප දැමුවා නම්.. එහි වටිනාකම අමිල වන්නට තිබුනා..."

" නමුත් දැනටත් එහි වටිනාකමේ නිශ්චිතයක් නොමැති තරම්... සෙම්පතිතුමනි.. ඇය නිසා ඇති වන ප්‍රයෝජනයන් බොහොමයි....! "

" රාජකීයන් ඇතුළු උසස් නිළධාරින්ගේ පිනවීම් සඳහා ද කුමරැනි...? "


COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Where stories live. Discover now