(25) බලාපොරොත්තුව

85 35 5
                                    

හීයක් බදු වේගයකින් බෙක්ජේ වෙත පැමිණි සොක්ජින් තම අසු දල්හ්වජේ වෙත රැගෙන ගියා.

නමුත් ගාරම්ගේ කුටියේ වුන තරැණිය සහ තරැණයාගේ රතිකෙලිය නිසා සොක්ජීන් නැවතත් ආපසු හැරැනේ මුලු කුටියම පිරික්සා බැලීමෙන් පසුවයි.

තරැණිය සහ තරැණයා අන්දමන්ද ව සොක්ජීන්ගේ ක්‍රියාවන් බලා සිටින විට සොක්ජීන් ගාරම්ගේ කුටියෙන් පිටවුනා.

වේදනාව හා මුසු වුන බිතීජනක හැඟිම් සොක්ජීන් ව වෙලා ගත්තා. දල්හ්වජේ පෙරලා දැමීමට ඒ වේදනාව දැරැ සොක්ජීන් හට හැකි වුනා.

අධිරාජ්‍යයාගේ අඥාවත්... ගාරම්ගේ සැඟව යාමත්.. සොක්ජීන් ව වේදනාව හා කෝපය විසින් වසා දැමුවා.

ඔහු බෙක්ජේ පුරාවටම ඇය සොයා වුවත් දරැණු ව්‍යාග්‍රයකු ලෙසින් ම සිටියා. වේදනාව.. හා වෙහෙසට සොක්ජීන් ව නවතා තැබීම කල නොහැකි වුනා.

මාළිඟ ද්වාර දෙස දැවෙමින් බලා සිටි සොක්ජීන් කෝප ගිනි තව තවත් අවුලුවාගනිමින් එදෙසට ඇවිද ගියා.

" සෙ....සෙම්පතිතුමනි........!!! කරැණාකර නවතින්න...... නිවැරදි සිහියකට පැමිණෙන්න.... සෙම්පතිතුමනි... "

" වහා ඉවත් ව යනු.........!!! "

සොක්ජීන් ඉදිරියට පැමිණි නරි කඳුලු පිරි දෑසින් ඔහු දෙස බලා සිටියත් සොක්ජීන්ගේ ⁣බැල්මවත් ඇය වෙතට නොලැබුනා.



" අවසන් වරට ඈව මා දුටුවා....!!! "





නරිගේ හඬ සවන් වැකෙනවාත් සමඟම සොක්ජීන් නරිගේ දෑස් දෙසට තම නෙත් යොමු කලා. කිසිවකුට අල්වා නතර කර⁣ගත නොහැකි වුන සොක්ජීන් ව නවතාගැනීමට නරිට හැකි වුනා.

මොහොතකට පසුව ඔවුන් සිටියේ සොක්ජීන්ගේ මැඳුරේ එළිමහන් ආලිංගන පෙදෙසේ ය. පුර්ණ චන්ද්‍රාලෝකය නිසා ආලිංගනය දිප්තිමත්ව තිබුනත් රාත්‍රියේ ඝන අඳුර අවට සිසිරා පැතිර තිබුනේ මීදුම් සිසිලක් ද සමඟයි.

සොක්ජීන් සහ නරි ඈත දිලෙන සද දෙස බලාසිටියා. කවරෙකු වදන් නැගිය යුතු දැයි හෝ... කුමක් වදන් කිරීමට සිතා ගත නොහැකි සේයාවකින් ඔවුන් දෙදෙනාම පෙළි සිටියා.

COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Where stories live. Discover now