(08) ලොම් ගුලිය

141 48 10
                                    

Memo


දින කිහිපයක් ගත වුන තැනක සවස් යාමයේ සොක්ජීන් සිටියේ ඔහුගේ පියාණන්ගේ දෑගිලි සිර⁣කරගෙන මාළිඟයේ විසල් ද්වාර අසළයි.

" පුතුනි සොක්ජීන්... නැවත නුඹ මාළිගයේ එහෙ මෙහෙ යන විට මේ සෙබළුන් රැගෙන යන්න.. වැටහුනාද..?  අද දින කුමරැන්ව බැහැදැක එතුමා දැන හැදින ගන්න... "

" එහෙමයි පියාණනි...! "

පුංචි සොක්ජීන් දෑස් දල්වාගෙන පැවසු විට සෙම්පති කිම් සෙබළුන් හට ඔහුව කුමරැ හමුවට යාමට රැගෙන යන ලෙස අණ කලා. පුංචි සොක්ජීන් කුමරැ හා මිතුරැ උනත් ඔහු වැඩි කාලයක් කුමර මාළිඟයේ නොරැඳි ඉන් පිටව ගියා.

සොක්ජීන් තම මතකය ඔස්සේ ගංඟාව සොයා ගියේ සෙබළුන් අකමැත්තෙන් ම ඔහු පසු පස එන විටයි.

" පුංචි කුමරැනි... නුඹේ පියාණන් අප සමඟ උරන වනු ඇත...! "

" මා පියාණන් හට පවසන්නම්... මා වරදකරැ වග... !! "

පුංචි සොක්ජීන් ගංඟාව අවට පුරා සෝදිසියෙන් බලමින් ඇවිදින ගමන් පැවසුවා. ඇවිදීමෙන් ⁣වෙහෙසට පත් වුන පුංචි දෙපා නිසා සොක්ජීන් ගංඟාව අසළ රැක් සෙවණේ හිඳ ගත්තා. රැක් සෙවණ අසල සාරවත් ලෙස වැවි තිබුන පුංචි පුෂ්පයන් එකින් එක කුඩා දෑත්වලින් ගලවා ගත් පුංචි සොක්ජීන් ඒවා නදිය වෙතට සෙමින් සෙමින් අත්හැරියා.

" නුඹ නදියට පුෂ්ප දමන්නේ ඇයි ද..? "


පුංචි සොක්ජීන් තමාට ඇසුන හඬ නිසා සතුටින් සිනහා වී නැගිට පිටුපස හැරැනත් ඔහු අත වු සියලු පුෂ්පයන් එකවරම ඔහු අතින් බිම පතිත උනා.

" ඕඔහෝඕ...... පණඩිත නදිය..... ඔය ලොම් ගුලිය බිම දමනූ.......!!! "

" කුමක්.....? "

පුංචි සොක්ජීන් තම දෑත දිගු කර කෑ ගැසුවේ කුඩා තරැණිය දෝතින් ගුලි කරගෙන සිටි පුංචි පූස් පැටුවාටයි.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
COURTESAN OF THE PALACE || KSJ || COMPLETED On viuen les histories. Descobreix ara