(20) අභිසාරිකාවක

108 41 12
                                    


කාලය නවතාගැනීමට ගාරම් මෙන්ම සොක්ජීන් ආශා කලත් එය හුදෙක් හිතලුවක් පමණයි.

සතියක් පුරාවටම ගාරම් ඇය අසනීප වග දන්නවා සොක්ජීන් හා සමඟ ඇය දින ගත කලා.

ප්‍රේමය ඔවුන් හා බැඳිව ඔවුන්ව ⁣නවමු හැඟිම්වලින් නහවා සිත්මඬල තුළම හොවාදමන්නට උනා. එය විටෙක හැඟුම්බර ආදරණිය මොහොතක් ද විටෙක සුසුම්ගිනි වලින් දැවෙන ශෘංගාරී මොහොතක් ද උනා.


පෙර දින සිටම තම හිසට දැනුන වේදනාව මෙන්ම ගතට දැනුන අපහසුතාවය නිසාම ගාරම් සිටියේ ඇගේ සයනයේ දිගා වී සොක්ජීන්ගේ රැව මනසේ මවාගෙනයි.

එකවරම තම කුසින් දැනුන අපහසුතාවය නිසා ගාරම් ඇගේ කුටියේ වුන කවුලුව අසලට ගියා.

හිසට දැනුන අපහසුතාවයත් ගතින් දැනුන විඩාවත් නිසා ගාරම්ගේ පළිඟු දෑස් විමතියෙන් බරව ගියා.

පෙර සතියක සිටම සොක්ජීන් හා එක්වුන පසු කිසිම විටෙක ඈ රාජකීය අභිසාරිකාව ලෙසින් ගත යුතු පානය නොගත් බව ඇයට සිහි එළඹු⁣නා.

තම හද සිරවී ගියාක් වැනි හැඟිමක් ගාරම් හට දැනුනත් ඇය ඇගේ කුස මත දෑත් හොවා ගත්තේ නිතැතින්මයි.






" ගාරම්... රාජකීය දෝලාව පැමිණලා.. අදම පැමිණ චීන දූත මැඳුර වෙත යන ලෙසින් රජතුමා නියෝග කරලා..! "



සේවිකාවගේ හඬින් ගාරම් හට තමා කවුරැන්ද... තමා කල යුත්තේ කුමක් ද යන්න වග වැටහී ගියා. ඒ සියල්ල අමතක ව ගියාක් වැනි හැඟිමක් සොක්ජීන් නිසා ඇයට දැනි තිබුනා.


" දින තුනක්....... දූතයින් විසිපස් දෙනෙකු.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මගේ දරැවා..........!! "





ගාරම් සිතිවිලි අතර සිරවී වේදනාවෙන් මිරිකෙන්නට වුනා. ඇය ඇගේ කුස මත දෑත යවා සිටියා. ඇගේ පළිඟු දෑස්වලින් කඳුලු බිඳු කඩා හැලුනා.



" මා හට එතුමාගේ අනාගතය අහුරා දැමීය නොහැකි..... රාජ්‍යය බිල්ලට දියත් නොහැකි..... මා..... කුමක්..... මගේ දරැවා... "




COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Where stories live. Discover now