(27) රාජකීය උදහස

96 35 7
                                    


නෞකාව පිටව යාමට සුදානම් වන තෙක් තිබු කාලය පුරාවටම සොක්ජීන් රැළි නගන සයුර දෙස බලාසිටියා. නිමක් කොනක් නොපෙනන සයුරින් නැගෙන කිරි පැහැති පෙණ කැටි වෙරළින් අතරැදහන් ව යන සැටි සොක්ජීන් බලා සිටියා.

ඔහුගේ අවසන් බලාපොරොත්තුවත් එවැනි කිරි පැහැති පෙණ බිඳක් බඳු වේදැයි ඔහුගේ හද ඔහුගෙන්ම විමසුවා.

නමුත් ඔහුගේ දැහැනට විටින් විට එබුනු පුංචි පළිඟු දෑස් බාධා කලා.




" ආාහ්...ඇගේ නාමයක් හෝ අසා දැනගැනීමට නොහැකි උනා.. "











සොක්ජීන් නැවතත් නගරය දෙස බලාසිටින විට දොක්මො ඔහු වෙතට පැමිණියා.





" නගර පිරික්සීමක්.... සෙම්පතිතුමනි.. බෙක්ජේ හි රාජකීය සෙබලුන් පැමිණලා.. ආරක්ෂක ආමාත්‍යගේ නියෝගයකින්..... නෞකාව පිට වීම ප්‍රමාද වේවි....."





නගරය දෙසින් ඇසෙන කසුකුසුවත් දොක්මෝගේ වදනුත් සොක්ජීන් ව නැවතත් නගරය වෙත ගෙන යාමට සමත් උනා. නමුත් ඔහු ආපසු හැරි දොක්මො දෙස බැලුවා.







" දොක්මෝ මා සමඟින් පෙර සිටි කුඩා දැරිවිය ගැන කුමන හෝ තතුවක් සොයාගන්න... ඈ කඩවිදිය කෙළවරේ සිටි පුෂ්ප වෙළෙන්දා වෙතට පුෂ්ප රැගෙන යමිනුයි සිටියේ.... ! "






" නමුත් හදිසියේ...... එ...එසේය... වැටහුනා සෙම්පතිතුමනි...... "






දොක්මෝ විමතියෙන් සොක්ජීන් දෙස බැලුවත් සොක්ජීන්ගේ ගැඹුරැ දෑස්වල තිබුන බැල්ම ඔහුව නවත්වාලුවා. දොක්මෝ නැවතත් නගරය දෙසට ඇවිද යන විට සොක්ජීන්ගේ පාද නගරයෙන් ඉවතට විහිදි ඇති වනය දෙසට ගමන් කලේ කිසිඳු හේතුවක් හෝ නොදැනයි.





නමුත් ඔහු අසළින් ගිය රාජකීය සෙබලුන් නිසා සොක්ජීන්ගේ මග හරස් වුනා මෙන්ම සොක්ජීන් ව හඳුනාගත් ඔවුන් ඔහුට ආචාර කලා.






" කිමද.. මෙතරම්.... හදිසියක්..? "





" රාජ උදහසට ලක් වුන තැනැත්තියක් හමුවුනා... සෙම්පතිතුමනි.... ඈ වසර ගණනාවක සිට දණ්ඩනයෙන් පලායන්නියක්.... කමාකර අවසර ලබාදෙන්න සෙම්පතිතුමනි...."








සොක්ජීන් හට හිස වනා ආචාර කල සෙබළ පිරිස වේගයෙන් වනය වෙතට ඇදි යන විට සොක්ජීන් එදෙස බලාසිටියා.

ඔහුගේ හද සිරවී වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තා.



පලායන්නියක්........







රාජ උදහසකට ලක්වුන.......









වසර ගණනාවක පලායෑමක්........


















" මගේ ගා...ගාරම්.........!!!! "









සොක්ජීන්ගේ මුවින් සුසුම් සමඟම ගාරම්ගේ නාමය ගිලිහි ගියා.

වේගවත් හදගැස්ම... මෙන්ම වේගවත් සුසුම් වලින් සොක්ජීන් නොසන්සුන් වුනා. තම අසිපත තරයේ අල්වා ගත් සොක්ජීන් මොහොතක් හෝ නොඉදි වනය වෙතට ඇදි ගියා.










" මා පැමිණෙනවා...... ගාරම්......!! "






















______________________________________

COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Where stories live. Discover now