(04) කුමර බඹසර

208 59 42
                                    


⁣මාළිගයෙන් පිටවුන සොක්ජීන් තම මැඳුර වෙත ගියා. කිම් මැඳුරෙහි කිසිවකුත් කල් නොගෙවුද එය පුරැදු පරිදිම පැවතුනේ සේවකයින්ගේ සොයාබැලීම් නිසයි. මැඳුර සුපුරැදු පරිදිම තිබුනද එහි වු හුදකලාව සොක්ජීන්ගේ සිත කනස්සල්ලට පත්කලා.

කුඩා කලම සොක්ජීන්ගේ මැණියන් ඔහු හැරදමා ගිය අතර පියාණන් අධිරාජ්‍යයේ සෙම්පති තනතුර හෙබවු නිසා සොක්ජීන් හට සොඳුරැ ළමා මතකයක් නොතිබුනා.

නිහඬ මැදුර වටා ඇවිද ගිය සොක්ජීන් සඳ එළිය දෙස බලාගෙනම අසල වු පොකුණු කෙලවරේ ගලක් මත හිඳ ගත්තා.

නොබිඳෙන නිහඬ බව.. හුදකලා මැඳුර.. සිතිවිලි මුක්ත වුන සිත නිසාම සොක්ජින් දෑස් වසාගෙන සුසුමක් ගත්තද පළිඟු දෑස් එයට අවහිර උනා.

" කිමද... මේ... කිමෙක්ද මේ නොසන්සුන් බව...ට හේතුව... ඒ දෑස්වල... ඇත්තේ කුමක් ද..? "

හරයක් නොමැති බව දැන දැනම සොක්ජීන් තමාගෙන්ම විමසීම් කලා.
සීත සූළං පහරත් මධුවිත පානය නිසා දැනෙන මත් ගතියත් නිසාම සොක්ජීන් මැඳුර තුළට ගියේ පෙරළි ගසන සිතිවිලි අඟුලු දමමින් ය.










සුව පහසු විවේකයක් ලබාගත් සොක්ජීන් පසුදින උදෑසන අහර ගැනීම මැඳුර තුළම සිදුකලා. පසුව හැඳ පැළඳගත් සොක්ජීන් මාළිගය වෙත ගියේ කුමරැන්ගෙ කැඳවීම නිසයි.

සමවයස් සඟයින් වන කිරැළ හිමි කුමරැත් සොක්ජීනුත් කුඩාකල පටන් ම දැන හඳුනගෙන තිබුන නිසා සොක්ජීන් එම හමුවට වඩා කැමැත්තක් දැක්වුවා.

තම අසු පිට නැග පැමිණි සොක්ජීන් මාළිග දොරටු අසළ දි අසුගෙන් බට ව මාළිගය වෙත ඇවිද යන්නට පටන් ගත්තා.

තම ගමන් වේගය බාල කරමින් සොක්ජීන් පසුපස හැරැනේ පෙර දින රැයේ දුටු දෝලාව මාළිගයෙන් ඈත්ව පිටවීමේ දොරටු වෙත යන නිසයි.

" අස්වාභාවිකයි... කිමද එහි පරිවාරක සේවකයින් නොමැත්තේ...! ඔහො.... සොක්ජීන් නුඹට ඉන් ඵලක් නැහැ... කුමරැන් බැහැදැකීමට යව..."

තම සිතත් සමඟ නැවත වාදයකට පෙරළුන සොක්ජින් සිතිවිලි අහුරා දමා කුමර මාළිගය වෙත ඇවිද ගියා.

COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Where stories live. Discover now