(07) අනුවණ වදකාරිය

156 51 21
                                    


වේගයෙන් පැමිණි සොක්ජින්ගේ ශ්වේත අසු කිම් මැඳුර අසල නැවතී කුර පොළව හා ඝට්ටනය කරමින් හිස සලන විට සොක්ජීන් අසු පිටින් බැස මැඳුර වෙත ගියා. හුදකලා මැඳුරේ සුපුරැදු පොකුණු පඩිය අසලට ගිය සොක්ජින් ⁣පොකුණු දිය මත දිස්වෙන සදෙහි චංචල ඡායාව දෙස බලා සිටියා.




" ඒ ඇයමයි...! "

චංචල සඳ ඡායාවෙන් නෙත් ඉවතට ගත් ඔහු තද නිල් අහස් කුසේ සුදට බබළන සඳ දෙස ⁣බලා මිමිණුවා. ඡායා මෙන් දිස් වුන ඔහුගේ මතක වර්ණවත් ලෙසින් පාට ගැන්වි ඇත්තෙන් ඔහුගේ හදෙහි යම් පෙරළියක් වන බව සොක්ජීන්ට වැටහුනා.


" ගාරම්...... සැබැවින්ම නදිය ඇයයි.. "


සොක්ජින් ඔහුට පළිඟු දෑස් සමඟ වු මතකය කොනිති ගැසීම ආරම්භ කලේ මැඳුරේ වු මධුවිත බඳුුන් ද සමඟයි.









Memo

තම මෑණියන්ගේ හදිසි වියෝවත් සමඟ පුංචි සොක්ජීන් නිතරම ඔහුගේ වටකුරැ දෑස්වල කඳුලු පුරවාගෙන සිටීමට පටන් ගත්තා. සත් හැවිරිදි කුඩා දරැ⁣වෙකු උන සොක්ජින් සුරතල් දඟ පැටියෙකු වුවත් තම මෑණියන්ගේ නොපැමිණිම සදාකාලික බව වැටහුන පසු ඔහු දුක්බර වලස් පැංචෙකු බවට පත් වුනා.

( Little Seok-Jin )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( Little Seok-Jin )



" සොක්ජින්...... මා පුතුනි... කිමද මේ අලසකමින්... ආ.. කෙලි සෙල්ලම් කිරීමට යන්නේ නැති ද අද...? "

" රැචියක් නැත පියාණනි.. මා මැඳුරට වී හිදින්නම්... "


සොක්ජින්⁣ගේ පියාණන් වුන සෙම්පති කිම් තම පුතුගේ ශෝකි වෙනස් වීම් හමුවේ කම්පා වුනා. පුංචි සොක්ජීන්ගේ වටකුරැ දෑස්වල තිබුන ශෝකි දිස්නය.. හැඬුම්බර වත ඔහුව වේදනාබර කලා. ඔහුට කල හැක්කක් ⁣නොමැති නිසා ම සෙම්පති කිම් තව තවත් අසරණ වුනා.

COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Where stories live. Discover now