(12) සිත්තම

149 43 12
                                    

මාළිගයෙන් පිට වුන සොක්ජින් මොහොතකට පසු ව සිටියේ ප්‍රධාන අමාත්‍යගේ පෞද්ගලික මැඳුරැ ද්වාරය අසළයි. බරැති හුස්මක් ලබා ගත් සොක්ජින් තම අසු පිටින් බැස ද්වාරය අසළට ඇවිද ගියා.


" ප්‍රධාන සෙම්පතිතුමනි... පිළිගන්නවා..!! "

රැකවලෙහි සිටි පෞද්ගලික රැකවලුන් හිස නවා ආචාර කරමින් මැඳුරැ ද්වාරය විවර කරන විට ඔවුන් වෙත සියුම් සිනහවක් ලබා දුන් සොක්ජීන්  ප්‍රධාන අමාත්‍ය මැඳුර වෙත ගියා. පියවර කිහිපයක් යන විටම අගනා සේද වස්ත්‍රවලින් සැරසුන ප්‍රධාන අමාත්‍ය සොක්ජින් ඉදිරියට පැමිණියේ සිනහවක් සමඟින් ය.



" පැමිණිම සතුටක්... ! සෙම්පතිතුමනි... මේ දෙසින් පැමිණෙන්න..."

ප්‍රධාන අමාත්‍යගේ පිළිගැනුමට සිනහවකින් සංග්‍රහ කල සොක්ජීන් ඔහු සමඟින් මැඳුරේ විවෘත ආලිංගනයක් වෙත ඇවිද ගියා. සංග්‍රහාවලින් පිරි ගිය මේසයක මුහුණින් මුහුණ බලාගෙන සොක්ජීන් ආමාත්‍ය සමඟින් සතුටු සාමිචියේ යෙදුනා.

ප්‍රධාන ආමාත්‍ය ඔහුගේ දෑතේ වු මධුවිත බඳුනින් උගුරක් පානය කොට සොක්ජීන් වෙත බැල්මක් හෙලුවේ ශබ්ද නගාගෙනමයි.



" සෙම්පති...... සොක්ජීන්..... පුතුනි.. නුඹේ පියා මගේ සගයා වග නුඹ දන්නවා නොවෙද..? "

" මා එය දන්නවා ප්‍රධාන ආමාත්‍යතුමනි..."

" නුඹේ පියාණන්.. ඉතා උසස් මිනිසෙක්.. ඔහුගේ ගෞරවය නුඹ බබළවනවා... සොක්ජීන්.. ඔහු සතුටට පත් වනු ඇත නිසැකයෙන්ම...! "

" ප්‍රශංසාවට තුතිවේවා... ප්‍රධාන අමාත්‍යතුමනි.."


සොක්ජීන් සියුම් සිනහවක් සමගින් හිස නවා පවසන වට ප්‍රධාන ආමාත්‍ය උස් හඬින් සිනහා වුනේ සොක්ජීන් දෙස බලාගෙනමයි.

" හ්ම්මම.. සොක්ජීන් පුතුනි... නුඹ දැන් විවාහපත් විය යුතු සමයක තරැණයෙක් නොවේද.. කඩවසම් තරැණ ඉලන්දාරියා...! බෙක්ජේහි රිදී පළිහ...කිම් සොක්ජීන්...! "

අමාත්‍යවරයාගේ මුවින් එකවරම පිටවුන වදන් හමුවේ සොක්ජීන් තම මධුවිත බඳුන මේසය මතින් තැබුවේ ඔහු දෙස බලාගෙනමයි.

COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Where stories live. Discover now