(22) ⁣ප්‍රේමය නිසාම

93 39 3
                                    


සොක්ජින්ගේ පිට ව යාමෙන් ගත වුන හෝරාව පුරාවටම ගාරම් නිසොල්මනේ හිඳ බලා සිටියා.

සිතීමට යමක් වෙන් කර ගැනීමටත් ඇය අපහොසත් උනා. චීන වැඩිමහල්ලාගේ මරණය... සොක්ජීන්ගේ කෝපය.. තම වේදනාව.. දරැවා... මෙන්ම තමා සොක්ජීන් ව රිදවු වග... පසෙක් වීම..

මේ සියල්ලම නිසා ගාරම්ගේ හද වේදනාවින් මිරිකි ගොස් තිබුනා.


තවත් මොහොතක් එලෙසම සිටි ගාරම් අපහසුවෙන් වුවත් නැගිට තනිවම පිරිසිදු වීමට පටන් ගත්තා.

ගාරම් හට හැඬිමට අවැසි උනා... කඳුලු හිදි යන තෙක්ම.. නමුත් එය එලෙස සිදු නොවීම ඇයව රිදවුවා.

සුපුරැදු තනිය ඇයව වෙලා ගන්නා විට ගාරම් ඇගේ කුස මතින් තම දෑත් තැබුවා. දැනුන ක්ෂනික සිතිවිල්ල නිසා ගාරම් ඇගේ සේවිකාවකට කතා කර නිතරම ඈ අසනීප වුන විට ප්‍රතිකාර කිරීම සඳහා පැමිණිනෙන ⁣වෙදැදුරාගේ සහයිකාව ගෙන්වා ගත්තා.









" නැන්දණිය...... කුමක් ද.. ඔබට දැනෙනුයේ...? "











ගාරම්ගේ සිහින් දෑත අල්වාගෙන නාඩි පිරික්සන මැදි වයස් කාන්තාව දෙස බලා සිටි ගාරම් විමසුවා.









" නුඹ මේ... රිදුම් දරන්නේ කෙසේ ද දියණිය... ? "












" මා....මා.... නමුත් නැන්දණිය.... ඔබට හට වෙන කිසිවක්......."











" නූඹ මෙන්ම.. ඔබගේ දරැවාත්.. වේදනාව උසුලා දරාගැනීමට සමතෙක්.. වේවි...... නිසැකයෙන්ම....."









ඇය සිනහාසි පවසන විට ගාරම්ගේ මළානික වත නැවතත් දිලෙන්නට පටන් ගත්තා. ඇගේ පළිඟු දෑස්වල දිස්නය ඔප් නැංවී තිබුනා. ගාරම් ඒ කාන්තාව තරයේම වැළඳගත්තා.








" දියණිය... මා මෙය සැමදාටම රහසක් ලෙසින් තබාගන්නම්... ඔබ හදට ඇහුකන් දී සුදුස්සක් කරන්න... "







කාන්තාව පිටවීමට මොහොතකට පෙර පැවසු වදන් ගාරම්ගේ හද පුරා දෝංකාර දෙන්නට උනා.

සයනය මත දිගා වී හුන් ගාරම් අපහසුවෙන් නැගිට සයනයෙන් බැස ඇගේ කුටියේ කවුලුව වෙත ඇවිද ගියා. කවුලුව අසළින් අසුන් ගත් ගාරම් පිටත අඳුරැ අහස් ගැබේ දිලිසෙන පුංචි පුංචි තාරැකාවන් දෙස බලා සිටියා.



COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Where stories live. Discover now