(26) හුරැබුහුටි වදකාරිය

99 37 14
                                    

උදෑසන හිරැ කිරණ නිසාවෙන් උණුසුම් වන තුරැපත් නැගෙනහිර දෙසට නවමු ලෙසින් බර වී තිබුනා. මලින් බර වුන තුරැපඳුරැ වටා කුඩා සමනලුන් රොන් උදෙසා දඟදෙන විට කුඩා පියුම් පෙති විදහා පිබිදීමට පටන් ගත්තා.

පෙරදින පුරාම තිබුන පොද වර්ශාවෙන් පසුව පරිසරය ඉතා ප්‍රබෝධමත් ව දිලෙ⁣මින් තිබෙන අයුරැ දෙස පුංචි වටකුරැ දෑසක් සිනහාවෙමින් බලාසිටියා.

වනය ආසන්නයේ වුන කුඩා පැල්පතෙහි කවුලුවෙන් පිටතට එබි තිබුන පුංචි පළිඟු දෑස්වල නැවුම් බව උතුරා ගොසින් තිබුනා. ඇය ඇගේ කුඩා හුරැබුහුටි දෑත්වලින් පැල්පතේ කවුලුව දෙසට නැමි තිබුන මල් ඉත්ත අල්ලාගැනීමට ඇඟිලි තුඩුවලින් එසවෙමින් සිටියා. ඇගේ සිහින් කුඩා දෙතොල් සපාගෙන මල් ඉත්ත අල්වා ගැනීමට වෙහෙසුනේ ඒ කුඩා හුරැබුහුටි මුහුණත් පුම්බාගෙනයි.

ඇය ලා රෝස පැහැති කුඩා පුෂ්පයක් බඳු උනේ. කුඩා දෑඟිලි... හුරැබුහුටි අත් පා.. නිල් පැහැයකට හුරැ පළිඟු දෑස්.. මෙන්ම රෝස පැහැති පිරැනු කොපුල් නිසාමයි.

ඇය ඇගේ කාරිය නවතා දමා වටකුරැ ගත් පළිඟු දෑසින් යුතුව ඈතින් ⁣පැල්පත දෙසට ඇවිද එන රැව දෙස බලා සිනහාසුනා.


" මෑ...............ණි......යනි......!!!! "

ගාරම් පැල්පත තුළට පැමිණෙන විටම කුඩා හුරැබුහුටි පියුම ඇගේ ඇකය වෙතට පැනගත්තා.

" ඕ.... හනුල්...... ඔබ අවධි උනාද... ? "

" ම්මමම... මෑණි......යන්.... එ_න තෙ_ක්.. මා බලා_සිටියා..... මේ... මා.. ත_නි_වම.. වස්_ත්‍ර හැදගත්_තා... මෑ_ණියනි......! "

අපහසුවෙන් වදන් එකතු කර හුරැබුහුටි ලෙසින් කතා බස් කරන තම දියණියගේ පිරැනු කොපුල් මතින් ගාරම් සිපුමක් තැබුවා.

" මෑ...ණි_ය_නි... මා... මේ_වා රැ..ගෙන.. යන්_නද..? "

ගාරම් ඇගේ උර මත තිබුන පුෂ්පයන් පිරැන කූඩය පසෙකින් තබන විට හනුල් එදෙසට තම කුඩා හුරැබුහුටි දෑත් දිගු කරමින් පැවසුවා.

" මගේ පුංචි හනුල් ට තනිව යා හැකි ද..? "

" එ...සේ_ය... මෑ....ණි_යනි......"

COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Where stories live. Discover now