(18) ප්‍රේමයේ මුසුව

114 43 10
                                    

දින ගතවීම සොක්ජීන්ට හා ගාරම්ට හොඳින්ම දැනීමට පටන් ගෙන තිබුනා. කාලය ඉතා දීර්ඝ වී ඇත්තාක් මෙන් ඔවුන්ට හැඟුනා.

සොක්ජීන්ගේ හද පුරා තිබුන වේදනාව පසෙකලා ඇය දැක ගැනීමේ ආශාව සොක්ජීන් හට තදින්ම දැනුනත් ඔහු ඇද බැද තිබුන රාජකීය කටයුතු ඒවා වලට හරස් උනා.



දින කිහිපයකට පෙර නිහඬවම තම කුටියෙන් පිටව ගිය සොක්ජින්ගේ ඡායාව ගාරම්ව දවමින් තිබුනා. ඇය ඇගේ හද පිළිබඳ දැන සිටියා. එහි ඇති වේදනාවේ රසයත් ඇය විදිමින් සිටියා. නමුත් ඇය එය ඇය උදේසාම වෙන් වුන රහසක් කරගැනීමට සිත තර කරගත්තා.














" ප්‍රේමය..... එය ඉතා ගැඹුරැ ආගාධයක් බව මා දන්නවා.. සොක්ජින්.... නමුත් මා සිටින අන්ධකාරයට වඩා ඒ ගැඹුරැ ආගාධයේ ඇති උණුසුමට මම ප්‍රිය කරනවා... "



මාළිගයෙන් පිටවීමට තම දෝලාව වෙත යන අතරමඟ දි දුටු සොක්ජීන්ගේ රැව දෙස බලමින් ගාරම් එලෙස සිතුවා.

ඇගෙන් ඈතට යන සොක්ජීන්ගේ තේජවත් ඡායාව පවා ගාරම්ව නවමු හැඟිමක් වසා දමා ඇගේ මුවඟට සිනහවක් ගෙන දුන්නා.




" මා හට ප්‍රේමය අවැසි නැත... සෙම්පතිතුමනි... නමුත් ප්‍රේම කිරීමට.. මා පසුබට නොවෙමි... ඈතක සිට බලා හිඳිමට මා ප්‍රිය වෙමි... එය වරදක් විය හැකියි.. යදම් දමා ඇති මා වැන්නියකට..... නමුත් මගේ හදට මා විසින්ම යදම් නොදමන්නෙමි... ඉදින් ආත්මාර්ථයෙහි ගිලුනු මට සමාවක් පැතීමවත් මා සිඳු නොකරන්නම්.."







දෝලා කවුලුවෙන් නොපෙනි ගිය සොක්ජීන්ගේ ඡායාව දෙස බලමින් ගාරම් එසේ සිතුවා. ඇගේ කොපුල් තලයක් දිගේ කඳුලු බිඳු පෙළක් සිත් සේ ගලා යාමට පටන් ගත්තා.

















*************************
























එදින අඳුර වැටිගෙන එන විට සොක්ජීන් මාළිගයෙන් පිට වුනා. කුමරැ හමු වේදි ඇසුන වදන් ඔහුගේ හදපුරා දෝංකාර දුන්නා.




" දින කිහිපයකින් බෙක්ජේ වෙත පැමිණෙන චීන දූතයින් පිනවීමට ගාරම් යෙදවීමට රජු අණ කරලා. දින තුනක් ඔවුන් එකම කුටියක සිටිවී.. චීන දූතයින් විසිපස් දෙනකු වුවත් ඔවුන් ආත්ම තෘප්තියෙන් පිනවීමට ගාරම් සමත් වග නම් මා හොඳින්ම දන්නවා.. බෙක්ජේ චීන ගිවිසුම නිසැක වශයෙන්ම සනාථ වේවි...!! "








COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Where stories live. Discover now