(06) පණ්ඩිත නදිය

161 55 27
                                    

සුසුම් ලෑම් හඩත් නෑසෙන කුටිය පුරා ඈත ගැඹුරකින් ඇසෙන සිහින් වාදනය සොක්ජින්ව පළිඟු දෑස තුළ තව තවත් අතරමං කිරීමට සමත් උනා.

නමුත් ඒ පළිඟු දෑස්වල තිබූ දීප්තියත්... සිහින් දෙතොල්වල තිබූ සෞමය සිනහවත්... සොක්ජින්ට යම් සැනසීමක් ලබා දෙන බව ඔහුට වැටහුනා.

" සිත වෙහෙස නොකරන් සෙම්පතිතුමනී....... ඒ ක්‍ෂණයකින් වළලා දැමීමට සමත් අතීතයක් පමණයී....."

එසේ පැවසූ ගාරම් තම සේලයේ දෑත් ඉහළට ලිහිල් කොට සොක්ජින් අසළට පැමිණියේ ඔහුගේ දෑස් දෙසම බලාගෙනයි. ගාරම් ඇගේ මුවේ තිබූ සිනහව පවතා ගෙනම සොක්ජින් පිටුපසින් හිද ගත්තා. ඇගේ සිහින් දෑත් සෝක්ජින්ගේ පුළුල් උර ඔස්සේ සියුම් රටා ඇති කලා.

" නුඹ කවුරුන් ද​....? මගේ සිහියට ඒමට තරම්...... නුඹ කවුරුන් ද​...? "




සොක්ජින් ඇගේ දෑත් නිසා දැනෙන පහසුව අමතක කොට ඇගෙන් විමසුවා.





" නමින් මා ගාරම්......( Ga-Ram ) "



" රාජකීයන් සහ රදළයින් සඳහා වෙන් වුන කාන්තාව මමයී... බෙක්ජේහි රාජකීය අභිසාරිකාව.... ගාරම්..... නැතහොත් බෙක්ජෙහී රන් පළිඟුව​....."




ඇගේ වදනින් සොක්ජින් ඒ පළිඟු දෑස් සෙවීමට තැත් කලත් ඇගේ සිහින් දෑත් එයීන් සොක්ජින්ව ලායාන්විතව වැළැක්වූවා.




" ඒසේ නම් ගාරම්...... මා හට පහසුවෙන් වැළලිය හැකි.... නුඹ සිහියේ හොදින් එල්බ ඇති මතකය කුමක් ද​...? "









" ඕඔහෝඕ...... පණඩිත නදිය..... ඔය ලොම් ගුලිය බිම දමනූ.......!!! "









ගාරම් සිහින් සිනාහඩක් සමඟින් පැවසු විට සොක්ජින් ඒ වදන් ඔස්සේ කුඩා දරැවෙකුගේ සිනා කෑගැසිමක සිර උනා.

මතකයන්හි බොඳවුන ඡායාවන් සොක්ජීන් වටා දඟ කරන විට ගාරම් සොක්ජීන්ගේ දෑස් ඉදිරියට පැමිණියා.

ඒ පළිඟු දෑස්වල වු දිස්නයත්.. ඇගේ සිනහවත් සොක්ජීන් මතකවලට තදින් කිදා බැස්වුවා.

සොක්ජින් අත වු මධුවිත බඳුන බිම සිප ගෙන විසිරි ගියේ ඔහු කලබ⁣ලයෙන් නැගිසිටි නිසයි.






" නු...ඹ..... නුඹ....... අභිසාරිකාවක... රාජකීය අභිසාරිකාව...... !!! "



සොක්ජීන් වදන් අහුලා ගත්තද පළිඟු දෑස් අභියස ඔහු ගොලු වී ගියා.


පළිඟු දෑස්වල නිහැඬි හැඟිම් මෙන්ම ඈතකින් ඇසෙන වාදනයත් සොක්ජින්ව ගාරම්ගේ කුටියෙන් පිටතට රැගෙන ඒමට සමත් උනා.



තම ශ්වේත අසු පිට නැගුණ සොක්ජීන් සුළඟ අභිබවමින් වේගයෙන් ඉදිරියට ඇදුනා. පසු වි යන කඩ විදිය... ඔහුගේ අසු නිසා අපහසුවෙන් දෙපසට වන ජනයා පවා සොක්ජීන් හට සිතලුවක් පමණක් මෙන් හැඟි ගියේ ඔහුගේ හද පුරා ගලායන මතක සේයාවන් නිසයි.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



























රජ මැඳුරේ අභිසාරිකාව...
Courtesan Of The Palace...












______________________________________

COURTESAN :-
A prostitute ( Whore ) , Especially one with wealthy or upper-class clients.

ආචාරශීලී ගණිකාවක් ( වේශ්‍යාව), විශේෂයෙන් ධනවත් හෝ ඉහළ පන්තියේ ගනුදෙනුකරුවන් සිටින අයෙකි.


COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Where stories live. Discover now