(16) ගලා යන නදිය

104 39 3
                                    

සියොතුන්ගේ හිමිදිරි කෑ ගැසීම් ඇරෙන්නට කිසිඳු ශබ්දයක් සොක්ජීන්ගේ මැඳුරින් නොඇසුනා. සොක්ජින් හිටි වනම බලා සිටින විට නරි ඔහුගේ සිතිවිලිවලට බාධා කලා.

" සෙම්පතිතුමනි... ඔබතුමා.. කුමක් ද ඔතරම් සිතන්නේ... ඈ නිසා සිත වියවුලෙන් නම්.. කිමද තවමත් මෙහි රැදෙන්නේ.. සෙම්පතිතුමනි..? "

නරිගේ හඬින් පියවි සිහියට පැමිණි සොක්ජීන් ඇගේ වදන් ඔස්සේ සිතා ඈ දෙස බැලුවා.

" අහ්... මා... අවශ්‍යයෙන්ම ඇය වෙතට යා යුතුයි. නරි... ඔබ මා හට ක්ෂමා කොට.. අප වෙනත් දිනක හමුවමු ද...? "

" එහි ගැටලුවක් නොමැත සෙම්පතිතුමනි... මා ද දැන් පිටවන්නම්... ඔබතුමා ඉක්මන් කලොත් හොඳයි.. මා සිතන්නේ වළා වැසි දියෙන් බර වී ඇති හැඩැයි.."

හිමිදිරි උදෑසනක වැසි දහරාවක්... සොක්ජීන්ගෙ සිත අහස් කුස දෙසට යොමු වුනා. සොක්ජින් තම අසුත් රැගෙන මැඳුරෙන් පිට වන විටත් වැහිබිඳු පොළෝතලය තෙත් කිරීම ආරම්භ කර තිබුනා.

නමුත් ඒ වැහි බිඳිති සැඬපරැශ නොවුනා මෙන්ම ළාමකත් නොවුනා. වැහි බිඳිති එකම වේගයකින් සියුම් ලෙස පොළෝතලය සිප ගත්තේ හිරැ එළිය වැදි දිස්න නගන ගමන්මයි.

ඉදින් ඒවා සොක්ජීන් හට කිසිඳු බාධාවක් නොවුනා. හිමිදිරි උදෑසන රශ්මි කදම්භ සමඟින් කඩාහැලුන වැහි ධාරා නැවුම් ලෙස පොළෝතලය සිපගත්තා. සොක්ජීන් තම අසුපිට නැග ලුහු වේගයකින් යමින් ඔහුගේ මැඳුර අවට තවමත් හිස්ව පවතින කඩවිදි අතර ඔහුගේ දෙනෙත් යැවුවා.

කඩවිදිය කෙලවරක ම වු පැරණි යැයි කිව හැකි කඩපෙළක ඔහුගේ නෙත් නතර වුනා. කඩතොලු වුන පැරණි වහලයෙන් රැරා එන කුඩා දිය බිඳු එක් කිරීමට වෙහෙසෙන ඒ සිහින් දෑත් නිසා සොක්ජීන්ගේ පිඩාකාරි හැඟිම් මුසු ව තිබුන මුහුණට සිනවක් නැගුනා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Where stories live. Discover now