(23) බොඳ වුන ඡායා

90 37 9
                                    

දොක්මෝගෙ හඬින් සොක්ජීන් සහ ගාරම් ඔවුන්ගේ උණුසුමෙන් ඉවත් වුනා.


" සෙම්පතිතුමනි... ඔබතුමාගේ සන්නාහ සහ වස්ත්‍රයන් රැගෙන පැමිණියා... අප හිරැ උදාවට ප්‍රථම පිට ව යා යුතුයි.....! "



සොක්ජීන් කතා කිරීමටත් ප්‍රථමයෙන් ගාරම් නැගිට ගොස් සොක්ජීන්ගේ සන්නාහ සහ වස්ත්‍රයන් තම දෑතට ගත්තා. සොක්ජීන්ගේ දෑස් දෙස බලාම සිනාසුන ගාරම් ඔහුගේ සන්නාහයන් ඇතුළු වස්ත්‍ර සයනය මතින් තැබුවා.

ඒ වස්ත්‍ර ඇතුලු සන්නාහවල තිබුන තේජාන්විත දිස්නයට ගාරම්ගේ පළිඟු දෑස් ද දිස්නයකින් ඔප නැංවුනා. ඇය ඇගේ සියුම් ඇඟිලි තුඩු ඒ හා ස්පර්ශ කරන විට සොක්ජීන් ඇය වෙතට පැමිණියා.




" මා ඔබට උපකාර කරන්නම්.. ස්වාමිනි... "


සොක්ජීන්ගේ දරදඬු දෑත් ගාරම්ගේ සිහින් නිතඹ වටා යන විට ගාරම් එලෙස පැවසුවා.

" එය ඔබ සිදු කල යුත්තක්මයි...!! "




ගාරම්ගේ සියුම් උරතල මතින් තම මුහුණ හොවා ගත් සොක්ජීන් එලෙස පවසන විට ගාරම් සිනහාසුනා.

සොක්ජීන් දෙසට හැරැන ගාරම් පළමුව සොක්ජීන්ගේ හිස්වැසුම ඉවත් කලා. ඔහුගේ වස්ත්‍ර ද ඉවත් කල පසු ගාරම් උණුසුම් දියෙන් හොවා ගත් සේදයක් ගෙන සොක්ජීන්ගේ දහඩියෙන් තෙත් වුන සිරැර උණුසුම් කරවාලුවා.

සොක්ජීන්ගේ දෑස් ගාරම්ගේ සියලු කාරියන් සමඟම නොබිඳි ම බැඳි පැවතුනා.

සොක්ජීන්ගේ වස්ත්‍ර ඇතුලු යුධ සන්නාහ සියල්ලම පිළිවෙලින් ගාරම් සොක්ජීන් හට පැළඳගැනීමට උපකාර කලා.

ඔහුගේ හිසකෙස් නිවැරදිව අලලා කොපුව සිරකිරීමට වෙහෙසෙන ගාරම් දෙස බලා සිනාසුන සොක්ජීන් ඇගේ මට්ටම පැමිණ ඇය සියුම් ලෙස උසවාගෙන ගාරම් හට උපකාර කලත් ගාරම් ඔහු වෙතට රැවුමක් පා කරා.

ඇගේ දෙතොල් අතර සිපුමක් සොක්ජීන් සිරකළ විටම ගාරම් ඇය මැඬගනිමින් හුන් සිනහාවට රැවුම් අතැර යාමට ඉඩ සලසා දුන්නා.

සොක්ජීන්ගේ පපුතලය ඔස්සේ හොඳින් දිලෙන සන්නාහය සකසා ගාරම් සොක්ජීන්ගෙන් ඉවතට ගියා.




COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Where stories live. Discover now