C̆̈h̆̈ă̈p̆̈t̆̈ĕ̈r̆̈ 23 ❣︎

103 20 5
                                    

💚 අක්කෙ.....🥺

ජේජුවල දවස් හයක් ගත කරපු කට්ටිය අද ආපහු සෝල් බලා යන්න හදන්නේ.. අවුරුදු ගානක් තමන්ගෙම අක්කා වගේ බලාගත්ත සදූව ආශිට දාලා යන්න දුකයි.. කෙල්ල සදූව බදාගෙන අඩන්න ගත්තා.. සදූටත් ආශිට වඩා දුකක් දැනුනා ඒත් ඒක නොපෙන්නලා ඩෙනිම් සාක්කුවෙන් පොඩි මල්ලක් වගේ එකක් අරන් ඒක ආශිට දුන්නා..

💙 ආශි හොදට අහගන්න.. අම්මයි තාත්තයි කවදාවත් ඔයාට ඒ දේ කියන්න එපා කිව්වත් ඔයාට ඒ දේ දැනගන්න ලැබුනා.. කොච්චර මිනිස්සු මොනා කිව්වත් ඔයා මගේ නංගි.. මගේ ම නංගි.. ඒත් මේක ඔයාගේ දෙයක්.. අම්මා තමා මට මේක ඔයාට දෙන්න කිව්වෙ.. මම හිතනවා මේකෙන් මගෙ පිස්සිගෙ ඇත්ත ම පවුල හොයාගන්න පුලුවන් වෙයි කියලා..

කදුලු පුරවගෙන බලාගෙන හිටපු ආශි දිහා සදූ ආදරෙන් කියලා කෙල්ලගෙ නලල හිමීට සිපගත්තා..

💚 ඔයාලා තමා මගෙ පවුල හැමදාටමත්.. ඒත් මේක මොකක්ද

💙 ඇරලම බලන්නකෝ

💙 ඇරලම බලන්නකෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💚 ඒක... ඒක ලස්සනයි

සදූ ඒක අරගෙන ආශිගෙ කරට මාලේ දැම්මා..

💙 මතක තියාගන්නවා පිස්සි.. මේක හැමදාටමත් පරිස්සම් කරගන්න..

හිතේ උතුරා යන සහෝදර ප්‍රේමයත් එක්ක සදූ ආශිව අවසාන වතාවට වැලදගත්තා.. ආශිලා සෝල් ගියාට පස්සෙ එදාම රෑ තිබුන ෆ්ලයිට් එකෙන් සදූ&ජූනි  , නවෝ&හොබී කපල් දෙක ජපෑන්වලට ගියේ පදිංචියටමයි..

කෙල්ලගෙ බල කිරීමට ටේ ආශි එක්ක airport එකට ගියා.. සදූ යද්දි කෙල්ලව බොහොම අමාරුවෙන් පාලනය කරගත්ත කොල්ලා ආශිව බලෙන් වගේ එක්කගෙන කා එක ඇතුලට දාලා වැහුවා.. ටේත් කා එක ඇතුලට ඇවිත් කෙල්ලව ලැප් එකට අරගෙන බදාගත්තා.. පැය භාගයක් විතර අඩ අඩ හිටපු ආශිට ටේගෙ ලැප් එක උඩම නින්ද ගිහින්.. කෙල්ලගෙ නලල හිමීට සිපගෙන ටේ කා එක ස්ටාර්ට් කරේ කොච්චර මහන්සි උනත් සෝල් වලට යනවා කියලා හිතාගෙන...



















♥︎♡︎♥︎ ℍ𝕚𝕘𝕙𝕤𝕔𝕠𝕠𝕝 𝕃𝕠𝕧𝕖𝕣 ♥︎♡︎♥︎Where stories live. Discover now