C̆̈h̆̈ă̈p̆̈t̆̈ĕ̈r̆̈ 25 ❣︎

128 21 8
                                    

🐯 දෛවය හරි ම අමුතුයි නේද...

ඈත පේන කලබලකාරී සෝල් නගරය දිහා බලාගෙන හිටපු ටේ එයාටම තනියම මුමුණගත්තා.. මීට අවුරුදු ගානකට කලින් තමන් හිටපු විදිහ ගැන, දැන් ඉන්න තැන ගැන ටේ හොදින් මතක් කරා..

බොත්තම් කිහිපයක් ගැලවිලා තිබුන සුදු කමිසයෙ අත් දෙක නවාගෙන බැල්කනි එකේ අත් වැටට හේත්තුවෙලා ටේහ්‍යුන් බර කල්පනාවක වැටුනා.. ඒත් පුංචි අත් දෙකක් තමන්ගෙ ඉන වටේ යනවා දැනෙද්දි ඒ අත්වල හිමිකාරියව අදුර ගත්තා වගේ පුංචි හිනාවකින් මුව සරසගත්ත ටේ ඒ අත් වල අයිතිකාරියට ඕන දෙයක් කරගන්න කියලා වගේ පඩුවේ හිටියා...

💚 මොනා ගැන ද ඔච්චර කල්පනා කරන්නෙ..

ආශි හිමින් සීරුවෙ ටේගෙ පිට මතට පුංචි හාදුවක් තිබ්බා..

🐯 කල්පනා කරන්න මොනවද නැත්තෙ..

💚 ඔමෝ...ඔමෝ... එච්චර ලොකු ප්‍රශ්න තියෙනවා ද මගෙ නම්ජාචින්ගුට..

ආශි පොඩි එකෙක් වගේ ටේගෙයි අත් වැට අතරටයි රිංගගෙන කොල්ලගෙන් අහද්දි කෙල්ලගෙ හුරතල් කමටද කොහෙද ටේගෙ කටින් ලස්සන හිනාවක් මතු උනා.. ඊලග තප්පරයදී ආශිගෙ බදවටෙ අත දාගත්ත ටේ මොහොතක්වත් නොහිත කෙල්ලගෙ තොල් වලට බර උනා.. කිසිම රාගික හැගීමකින් තොරවුන ඒ හාදුවෙන් කියවුනෙ ආදරය ම විතරයි..

🐯 ආපහු කවදාවත් ම මගෙන් ඈත් වෙන්න හිතන්නවත් එපා.. අරස්සෝ..

ටේ ආශිගෙ නලල හිමින් සීරුවේ සිපගෙන දිලිසෙන ඇස් වලින් කෙල්ලගෙ උත්තරය බලාපොරොත්තු උනා..

💚 අරස්සෝ මගේ පිස්සු කොල්ලො..

කොල්ලගෙ කරවටෙ අත දාගෙන ආශි එහෙම කියද්දි ටේ ලේසියෙන් නොපෙන්නන එයාගේ ලස්සන හිනාව ආශිට තෑගි කලා.. ඇගිලි තුඩු වලින් ඉස්සිලා කොල්ලගෙ නහයට ආශි එයාගේ නහය තියලා හරි ලස්සනට හිනා උනා..

🐯 කාගෙන් අහලද මගේ ශර්ට් එකෙක් ඇන්දේ ආ...

ආශිගෙ ගෙල පාමුල සිපගන්න ගමන් ටේ ඇහුවා..

💚 මාව එක්කන් ආව වෙලාවෙ ඒවා හිතන්න තිබ්බෙ..

කෙල්ලගෙ සුවද විද විද හිටපු ටේහ්‍යුන්ට ආශි කියපු දේට හිනා ගියා.. ඔෆිස් ඇරුන ගමන් කෙල්ලව ඇදගෙන ආව විදිහ කොල්ලට මැවි මැවි පෙනුනා.. ආශිගෙ බෙල්ල අස්සෙ දග කර කර හිටපු ටේ මූණ උස්සලා කෙල්ල දිහා හරි ම ආදරයෙන් බැලුවා..

♥︎♡︎♥︎ ℍ𝕚𝕘𝕙𝕤𝕔𝕠𝕠𝕝 𝕃𝕠𝕧𝕖𝕣 ♥︎♡︎♥︎Where stories live. Discover now