03

67 19 2
                                    

❤"මේ මොන විකාරයක්ද? තමුසෙට මාව විහිලුවක් වගේද පේන්නෙ?"

බලාපොරොත්තු නොවුන විදිහට ඇහුණ තේහ්යොං ගෙ කේන්තියෙන් පිරුණු ගොරෝසු හඬට නාබි වගේම ලීහිත් ගැස්සිලා ගියා.

දෙන්නම බයවෙලා වගේ තේහ්යොං ගෙ දිහා බලාගෙන ඉද්දිමයි minor staff කෙනෙක් තේහ්යොං ව එක්ක යන්න ආවෙ.

කේන්තියෙන් ඉන්න තේහ්යොං දිහාත් බයවෙලා ඉන්න ගෑණු ළමයි දෙන්නා දිහාත් බලපු ඒ ආපු කෙනා නාබිට කතා කලා.

🧒"මිස් වැඩ ඉවර නම් සර්ව එක්ක එන්න කිව්වා, ඊ ළඟ ෂොට් එක සර්ගේ.."

❤"ඔව්, වැඩේ ඉවරයි. හරි ලස්සනට කලා. එන්න කියනව තමුසෙලගෙ A.D ට."

තේහ්යොං ගෙ සද්දෙට එන්න කියන්නත් කලින්ම AD එතනට ආවෙ මොකක්ද සිද්ද වෙන්නෙ බලන්න. ලීහිගෙ හැටි දන්න නිසාම AD ආවෙ ලීහිට කෑ ගහගෙනමයි.

🙍‍♂️"මිස් ලීහී! මොකද ප්‍රශ්නෙ? ඔයා.."

❤"ප්‍රශ්නෙද? ප්‍රශ්නෙ ඔයාලගෙ ස්ටාෆ් එකට ඔලුව නරක් වෙච්ච කෙල්ලො ගන්න එක තමයි. පේනවද කරපු දේ.. පේනවද.. මෙයාල හිතන් ඉන්නෙ අපිට වැඩ නැතුව මෙතනට එනව කියලද.. දවසෙ කොච්චර ටයිට් ෂෙඩියුල් එකක්ද තියෙන්නෙ.. මෙතනට වෙලා මට කාලෙ කන්න බෑ. මොනවද මේ.. යා... මගේ මූණ.. It's burning.. "

AD වගේම නාබි, ලීහි, දෙන්නත් කණ්ණාඩියටම එබීගෙන හිටපු ටේ ගෙ මූණ හරියට දැක්කෙ ඒ වෙලාවෙයි. කවදාවත් සීරියස් වෙන්න බැරි ලීහිට නම් ටේව දැක්කම මතක් වුණේ ඇඳපු යක් මූණක් පාට වේලෙන්න කලින් වතුර හැලිලා බොඳ වෙලා වගේ.

නාබි එක තත්පරේට එතනට ආවෙ අතට අහුවුණ ටිෂූ බොක්ස් එකත් අරගෙන.

💙"අ.. අහ්.. මෙ.. මේ.. මෙ... කොහොමද මෙහෙම..."

❤"කොහොමද කියල මගෙන්ද අහන්නෙ? ආහ්.. මගෙන්ද? තමුසේ...."

තේහ්යොං කෑ ගහද්දිම නාබි එයාව අතින් ඇදලා පුටුවෙන් ඉන්දවගෙන මූණ පුරා දිය වෙලා බේරෙන පාට පාට මේක්අප් පිහිදාන්න හැදුවෙ.

තේහ්යොං තරහටම නාබිගෙන් ටිෂූ බොක්ස් එක උදුරගෙන එයාම මූණ පිහිද ගන්න පටන් ගත්තත් එයාට වුණේ ඊටත් වඩා තරහ යන එක. අතේ තිබ්බ ටිෂූ එකත් පොලවෙ ගහල ඔලුව උස්සපු ටේ ගෙ මූණ පුරා දිය වෙලා ගලන මේක්අප් වලට උඩින් ටිෂූ එකේ තිබ්බ ජෙල් තට්ටුවක්ම ගෑවිලා....

💫Baby, u're My ANGEL⭐🌠Where stories live. Discover now