ලීහි ඇඬුවා.. හොඳටම ඇඬුවා ... ඉකි ගගහා ඇඬුවා... මහා කන්දක් නාය ගියා වගේ... බර වෙච්ච කළුම කළු වළාකුලකින් මහ වැස්සක් කඩා හැලෙනවා වගේ.. ලීහිගෙ හිතේ වාං දොරටු ඔක්කොම වගේ ඇරල තිබුණා.
පුපුරලා යන්න ඔන්න මෙන්න තිබුණ මේ පීඩනය තව දුරටත් ඔය හිත ඇතුළෙ හිරවෙලා තිබුණ නම්..... මේ කෙල්ලට මොනව වේවිද. ඒ ජංකුක් ගෙ සිතුවිලි.
ජංකුක් ගෙන් හ්ම් සද්දයක්වත් පිටවුණේ නෑ. ඒ වෙනුවට ඉඳ හිට ජංකුක් ගෙ ඇඟිලි නුහුරු ලෙස ලීහිගෙ කෙස් අතරෙ එහෙ මෙහෙ ගියා.
නිකන් සැකේට වගේ වටපිට බැලුවත් ජංකුක් දැනගෙන හිටියා කවුරුත් මේ වෙලාවෙ මෙතනට එන්නෙ නෑ කියන එක. ඒ ටේට යවපු මෙසේජස් නිසා. එයාට ලීහි එක්ක ටිකක් නිදහසේ කතා කරන්න ඕන නිසා නාබිටවත් ලීහිව හොයාගෙන ගාඩ්න් එකට එන්න එපා කියන්න කියලා ජංකුක් තේහ්යොං ට මැසේජ් එකක් දැම්මා. ඒ වගේම එයාගෙ අයියලත් මේ වෙද්දි හොඳටම නිදි කියලත් ටේගෙන් ආපු පණිවිඩයක තිබුණා.
පැයක් විතර ඉකි ගහල ඉකි ගහල එහෙම්මම කුකීගෙ උරහිසේම ලීහිට නින්ද ගිහින් තිබුණෙ මත් ගතියටත් එක්කම වෙන්න ඇති.
හැමදාම හිනාවෙලා ඉන්න, හැමෝටම හිනාවක්ම දීපු, පොඩි දේටත් කේන්ති ගන්න, ඊට පස්සෙ යක්සනියක් වගේ රණ්ඩු කරන, ඊ ළඟ මොහොතේ ආයෙ කෝලමක් කරන පිස්සු කෙල්ලගෙ මේ හිතාගන්නවත් බැරි, හිත කීරි ගස්සන වේදනාව දිහා බලන් ඉන්න බැරුව වගේ හඳත් හැංගිලා ගියා.
ඒත් ඈත අහසට වෙලා හැමදාම වගේ අර තරුව විතරක් මේ අලුතින් ගොඩනැගෙන්න යන නමක් නොදන්න සම්බන්ධය ගැන ඇති වුණ නොතේරෙන කම්පනයකටද මන්දා නිවි නිවී දැල්වුණා.
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
ලීහි තාම නෑ. නාබි හිටියෙ බයෙන්. තේහ්යොං කිව්වෙ ලීහි කුකී එක්ක කතා කර කර ඉන්නව කියලා. ඒත් මෙච්චර රෑ වෙලා...
නාබි ආයෙත් ප්‍රධාන දොර ළඟින් එළියට බැස්සා. තේහ්යොං පිටිපස්සෙන් ඇවිත් උරහිසට අත තියනකොට නාබි ගැස්සිලා හැරුණා. "යන්න එපා" ටේ කිව්වෙ ඔලුවෙන්. ටේ කියනවනම් බයවෙන්න හේතුවක් නෑ කියලා ඇත්තටම බය වෙන්න ඕන නෑ කියලා හිත කිව්වත්, නාබිගෙ හිත කිව්වෙම ලීහියා ළඟට යන්න කියලා. ඒත්... යන්න කලින් ආයෙත් කොයිකටත් කියලා ලීහිට මැසේජ් එකක් දැම්මා.
YOU ARE READING
💫Baby, u're My ANGEL⭐🌠
Fanfictionජීවිතේට බඳින ඉණිමං හීන වලින් සරසන්න පුළුවන් වුණාට.. හීන මැකිලා ගිය දාට පාර වරද්දගෙන බෑ.. අපි අලුතින් ලියමු අලුතින් අඳිමු සරසමු අලුත් විදිහකට කවුරුවත් කියනවට පිලිගන්නවට වඩා තමන් තේරුම් අරන් තීරණයකට එන එක වඩා නිවැරදියි. ඒ නිසා.. එන්න.. අපි කියවලම බල...