......... ලීහි එකපාරම කොල්ලව ඇඳට තල්ලු කරල දාලා කොට්ටෙට තද කරගෙන මූණට උඩින් පාත් වුණා.....🧡"යාහ්.... මට බෑ... ෂිට්.. "
ලීහි කරන්න ගිය දේ නවත්තලා කොල්ලව අතෑරල කෑ ගහගෙන ඇඳ උඩ ඉඳගත්තෙ විදුලි වේගෙන්.
🧡"මට කිසිම දෙයක් මතක නෑනෙ... මට බෑ.... "
එහෙම කියපු ලීහි ඇඳේ වැතිරිලා හිටපු කොල්ලා දිහාට ඔලුව හැරෙව්වෙ කලකිරීමෙන් වගේ.
ඒත් ඒ වෙද්දි කොල්ලත් ඇස් දෙකත් ලොකු කරගෙන කටත් බාගෙට ඇරගෙන ලීහිගෙ එහාපැත්තෙ වාඩිවෙලා හිටියෙ බයවෙලා වගේ.... ඒත් එහෙම වුණේ ඇයි කියල ලීහිට වැටහීමක් තිබුනේ නෑ තවත් අවුල් වුණා මිසක්.
"මො... මොකක්ද කිව්වෙ...?"
🧡"අපි මැරි කලා කිව්වට මට කිසිම මතකයක් නෑනෙ.. මට.. මට... ඔයා..."
ලීහිට වචන ගොත ගැහුණා, පැටළුණා.
"හරි... මාව මරාගෙන කන්න හදන්නෙ නැත්නම් විතරක් මං ඔයාට හැම දෙයක්ම කියන්නම්.. හාද?"
🧡"හ්ම්..."
"එහෙම බෑ ප්‍රොමිස් වෙන්න"
🧡"ප්‍රොමිස්"
"ආ යු ෂුවර්? තරහ වෙන්නෑනෙ..? පින්කි ප්‍රොමිස්?"
🧡"හ්ම්... පින්කි ප්‍රොමිස්. මට කියන්න මොනවද වුණේ කියලා."
ලීහි මැලවුණ මූණෙන් කොල්ල දිහා බලලා කිව්වෙ ඇත්තටම මේ කිසිම දෙයක අගක් මුලක් නොතේරෙනකොට තමන් මහ අවුල් ජාලයක පැටලිලා වගේ දැනුණ නිසා..
ලීහිගෙ අත ආයෙත් නළලට ගියෙ දැනුන තද ඔලුව කැක්කුම ඉවසන්න බැරි තැන.
"ඉස්සෙල්ලම මේ බෙහෙත් ටික බීල ඉන්න... "
කොල්ලගෙ මූණෙ තිබුණෙ ලොකු පසුතැවීමක, වරදකාරී හැඟීමක ලකුණු. වතුර වීදුරුවක් එක්ක බෙහෙත් පෙති ටික ලීහිගෙ අතේ තියලා කෙල්ලගෙ හිස හෙමින් පිරිමැද්දෙ ඒ හැඟීමෙන් මිදෙන්න වගේ..
"ඔයාගෙ මතකෙ අන්තිමටම තියෙන්නෙ මොනවද?"
🧡"මට මතක මම දේචොන් බීච් එකේ පොඩි හොලිඩේ කොටේජ් එකක හිටියා විතරයි"
"ම්... ඇයි එහේ ගියේ? තනියම?? කාටවත් නොකියා??"
🧡"මට ඕන වුණා තනියම ඉන්න. මට ඕනවුණේ කාටවත් මම නිසා හිරිහැරයක් නොවෙන්න.. තව... මට අයිති නැති තැන් වලින් ඈත් වෙන්න මට ඕන වුණා.. ඒ වෙද්දිත් මතුපිටින් වැහිලා ඒත් පෑරි පෑරි හිතේ තිබුණ තුවාලෙට පැලැස්තර අලවනවා වෙනුවට කොච්චර රිදුනත් ඒ කොටස කපලම අයින්කරල දාලා ඉවරයක් කරගන්න මට ඕන වුණා."
YOU ARE READING
💫Baby, u're My ANGEL⭐🌠
Fanfictionජීවිතේට බඳින ඉණිමං හීන වලින් සරසන්න පුළුවන් වුණාට.. හීන මැකිලා ගිය දාට පාර වරද්දගෙන බෑ.. අපි අලුතින් ලියමු අලුතින් අඳිමු සරසමු අලුත් විදිහකට කවුරුවත් කියනවට පිලිගන්නවට වඩා තමන් තේරුම් අරන් තීරණයකට එන එක වඩා නිවැරදියි. ඒ නිසා.. එන්න.. අපි කියවලම බල...