34

40 9 0
                                    

කාලය හරි ඉක්මනට ගෙවිලා ගියා. තමන් කැමති වුනත් අකමැති වුනත් සමහරෙක් තමන්ට ලැබෙන දේ බාරගන්න හිත හදාගනිද්දි තවත් කෙනෙක් තමන්ගේ කැමැත්ත වෙනුවෙන් හීන වෙනුවෙන් හුඟක් කැපවුණා. සටන් කලා. තවත් සමහරු තමන්ගේ නොලැබීම් අමතක කරන්න වෙනත් දේවල් එක්ක කාර්යබහුල වුණා. තවත් සමහරු අලුත් පාරවල් හොයාගෙන තමන්ගෙ ගමනාන්තයන් කරා ගමන්කලා. ඔය අතරෙ තවත් සමහරුන්ගෙ ජීවිත වලට බද්ධ වෙලා තිබුණු සිතුවිලි හැඟීම් එක්ක අවුරුදු දෙක තුනක් ගතවෙලා තිබුණත් වෙනස් නොවුන සමහර පුරුදු නොවෙනස්වම ඒ විදිහටම තිබුණා.

BTS ජින්, නම්ජූන්, යුංගි, හොබී, ටේ මිලිටරි සර්විස් ඉවර වෙලා ඇවිත් තිබුණත් අනිත්අය තවමත් හමුදා සේවයේ කටයුතු කළා. විවිධ කාලසීමා වල සේවයට අනුයුක්ත වුණ මේ අයගෙන් තේහ්යොං ආවෙ ගිය සතියෙ. ජිමින් ජංකුක් තවත් සති දෙකකින් එන බවට rumours පැතිරිලා තිබුණා.

රණ්ඩු සරුවල් ඉවර වුණ කාලෙම ආයෙත් තේහ්යොං ගෙ බූසාන් ගෙදර පුරුදු විදිහටම නාබිගෙ නවාතැන වුණේ පරණ විදිහටම නැත්නම් ඊටත් වඩා එයාගෙ ආරක්ෂාව පහසුකම් හැම දෙයක් ගැනම ටේගෙ විශේෂ සැළකිල්ලත් එක්කයි.

නිරූපණ කටයුතු එක්ක තේහ්යොංගෙ පුද්ගලික මේක්අප් ආටිස්ට් විදිහටත්, තවත් තිබුණ වැඩත් එක්ක නාබිට ආයෙත් පරණ ආයතනයේ ලීහිලා එක්ක වැඩ කරන්න කාලය හොයාගන්න අපහසු වුන නිසා මින්ෂනා ඇඩ්වටයිසින් ඒජන්සි එකට සමු දෙන්න නාබිට සිද්ධ වුණා.

තේහ්යොං හමුදා සේවයට ගියාට පස්සෙ නාබිට ඒ තනිකමට හුදෙකලාවට හුරුවෙන්න සෑහෙන්න අමාරු වුණා. හැමදාමත් වගේ ඒ වෙලාවෙත් ලීහි පුළුවන් තරමින් නාබිගෙ හිත හැදුවා. ළඟින් හිටියා. කවුරු හිටියත් නිතරම නාබිගෙ හිතට ලොකු හිස් කමක් ලොකු අඩුවක් දැනුණා. ඒ මානසිකත්වය එක්ක ආයෙත් නිතර නිතරම නාබිට නොයෙක් අසනීප ඇති වුණත් තේහ්යොංට දැනගන්නවත් නොතිබ්බෙ එයත් ඒ ගැන හිතලා හිතෙන් වැටෙන බව දන්න නිසාමයි. ටේ කතා කරන හැම දවසකම හිත අඬද්දි ඒ බව නොපෙන්වා නාබි කතාකලේ දවසින් දවස අපි එකතු වෙන දවස ළං වෙනව කියල මතක් කරල ටේගෙත් හිත හැදෙන විදිහට. ඒ සඳහා සියලු උපදෙස් ලැබුණෙ නිල ලත් මනෝ උපදේශිකා ලීහීගෙන්. අමාරුවෙන් වුනත් ඒ ගත කරපු කාලය නාබි ටිකක් නිශ්ෂබ්ද චරිතයක් බවට පත් කරල තිබුණා .

💫Baby, u're My ANGEL⭐🌠Where stories live. Discover now