11

51 16 0
                                    

කොහොම වුනත් නාබිට සන්සුන් වෙන්න සෑහෙන වෙලාවක් ගත වුණා. ලීහි එක්ක කතා කරද්දි නාබිට මතකයත් එක්ක ඒ සිදුවීම් පෙළ සෑහෙන දුරකට ගලපගන්න පුළුවන් වුණා.

💙"එ..ත..කො..ට...... මම ඒ දැක්කෙ හීනයක් නෙමෙයි ද..?? මගේ ඔලුව අතගෑවෙ ඔම්ම නෙමෙයි නම්.... කාගෙ උනත් ඒ අත හරි සනී..පයි.. "

තනියම කියවපු නාබි ලීහිගෙ අතට පාරක් ගැහුවා..

💙" ... අනේ... අනේ... ලීහීයා.. ඒ කවුද? අර ගලිවර්ද.. මගෙ ඔලුව අතගාන්න ඇත්තෙ, නැත්නම්... "

🧡"ආයිෂ්.. ගහන්නැතුව කතා කරනවකො මෝඩි! මං නම් හිතන්නේ ඔලුව අතගාන්න ඇත්තෙ ගලිවර් නෙමෙයි ලිලිපුට් වෙන්න ඇති, තේහ්යොං ඔප්පා හොඳටම බයවෙලා හිටියෙ ඔයා ගැන. "

💙"ඔප්පාආ..? ඒ ටිකට එයා ඔප්පත් වෙලාද. හරිම ඔප්පා එයා.  ඔප්පා නෙමේ හප්පා.. දුෂ්ටයා"

🧡"මොකක්ද බාබියා, මෙච්චර කරලත් ඒ මනුස්සයා ගැන ඔහොම දරුණු වෙන්නෙ ඇයි"

💙"ඇයි, මේ හොටෙල් එකට ගෙවන්නෙ එයාද.. කවුද දන්නෙ මොන උගුලක්ද කියලා. මොකක් හරි දේකට අපිව හිර කරලා අන්තිමට එයා පැනලා යයි "

🧡"මොන හොටෙල් එකක්ද? මේ රූම් එක ගැනද කියන්නෙ.. අපි මේ ඉන්නෙ තේහ්යොං ඔප්පා ගෙ ගෙදර. මේක එයාගෙ අපාට්මන්ට් එක"

💙"ආහ්..??? මොකක්ද කිව්වෙ?"

🧡"ඔව්, ටේ ඔප්පා ඔයාව බේරගෙන හොස්පිට්ල් ගෙනියන්නැතුව කෙලින්ම මෙහෙට එක්ක ආවෙ. ශෙවාන් ඔප්පා මාවත් පික් කරගෙන ඔයාව බලන්න ආවා බෙහෙතුත් අරන්."

💙"අනේ මේ.. බේරගත්තා තමයි.  එහෙනම් ඔයාගෙ මහලොකු හොප්පා පාක් එකේදි  පණ කඩාගෙන දිව්වෙ මොකද - අර ගලිවර් ඇවිල්ලනෙ ඒ මිනිස්සුන්ව එලෙව්වෙ"

💚"ටේ ඔප්පා ආයෙ එන්න හැදුවට චෙං ඔප්පා තමයි එයාට එන්න දීල නැත්තෙ."

එහෙම කියාගෙන කාමරේට ආවෙ ශෙවාන්.

💚"මොකද ටේව ආරක්ෂා කරන එක චෙං හ්යුන්ග් ගෙ වගකීම. ඩියුටි එක. අනික ටේ කියන්නෙ අයිඩල් කෙනෙක්. එහෙම කෙනෙක් මේ වගේ දේකට පැටලුණාම වෙන්න පුලුවන් දේවල් ඔයාට කියන්න ඕන නැහැනේ නේද. එක පොඩි ඩැමේජ් එකක් ඇති එයාගෙ සම්පූර්ණ වෘත්තීය ජීවිතයම විනාශ වෙන්න. හැම වෙලාවෙම මිනිස්සු ගැන වැරදියට හිතන්න එපා නාබි. අපි නොදන්න කතා ගොඩක් එයාල ළඟ තියෙනව වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් ඔයාගෙ ඉදිරි ගමනට හොඳ නෑ. තේරුණාද..  හරි, ඉතින්.. දැන් කොහොමද බබාට?"

💫Baby, u're My ANGEL⭐🌠Where stories live. Discover now