27

40 12 0
                                    

ඊ ලඟ දවසෙ තිබුණෙ ටේ ලගේ TV programme එක ගැන promotion එකක්. ඒකටත් අමතර ආටිස්ට්ල කීප දෙනෙකුත් ඇවිත් හිටියා. ඒකට තේහ්යොංට කොස්ටියුම්ස් හත අටක්ම මාරු කරන්නත් වුණා.  එළිමහන් ස්ථාන කීපයක් තෝරගෙන එදා දවසෙ පුළුවන් උපරිම ෂොට්ස් කවර් කරන්න ඩිරෙක්ටර් උත්සාහ කලේ කාලය සීමිත නිසා වගේම තේහ්යොං ස්මයිලි දෙන්නගෙත් කාර්යබහුල බව සළකලා.

කොස්ටියුම්ස් වගේම එකින් එකට මේක්අප් ටච් එකත් වෙනස් විය යුතු ම හැටි මුලින්ම නාබි තේහ්යොංටත්,  අදාල අනිත් අයටත් පැහැදිලි කලා. නාබි ඒ හැම දෙයක්ම පිළිවෙලට සූදානම් කරල තියාගත්තා.

ෂූටිං පටන් අරන් ටික වෙලාවක් යනතුරු හැමදේම හොඳින් කෙරුණා. තේහ්යොං හිටියෙත් සෑහෙන උද්‍යෝගයෙන්. ඒ නිසාම ස්මයිලිත් නමටම ගැලපෙන විදිහට හැසිරුණා කියන්න පුළුවන්.  ඒ නිසාමද මන්දා අඩු කාලයක් තුල දර්ශන වැඩි ප්‍රමාණයක් රූගත කරගන්න අධ්‍යක්ෂක වරයාට හැකි වුණා. නාබිත් ගොඩක් කඩිසරව එහෙට මෙහෙට දුව දුව වැඩ කරද්දි අවුව ගැනවත් සැලකිලිමත් වුණේ නෑ.

ටිකකට පස්සෙ නවීන පන්නයේ brand new මෝටර්රථයක් studio එකේ පාක් එකට ඇතුල් කරද්දිම ඒ පැත්ත බලපු තේහ්යොංගෙ මූණ තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ වෙන හැටි නාබි වගේම ස්මයිලිත් හොඳටම දැක්කා.

ඊ ළඟ ෂොට් එකට රෙඩි වෙන්න හැමෝම යුහුසුළු වෙද්දි අලුත්ම වාහනයෙන් බැහැලා, හරි ප්‍රබෝධමත් මුහුණකින් එතනට ආපු ජේසන් හැමෝටම ආචාර කරලා සුබ පැතුවා.

ජේසන් තේහ්යොං ට අතට අත දෙන්න එනකොට තේහ්යොං කකුල උස්සලා ටේබල් එක උඩට අරගෙන සපත්තුවෙ ලේස් එක ගැටගහන්න පටන්ගත්තා.  ඒ නිසා ජේසන්ට, තේහ්යොං ට හිසනමලා විතරක් එතනින් යන්න සිද්ධ වුණා. 

ඊ ළඟට ජේස් නාබි ඉන්න තැනට යන්න හදද්දි ටේ ෂර්ට් එකේ බටන්ස් කීපයක් ගලවගෙන ගිහින් නාබි ඉස්සරහින් හිටගත්තෙ බටන්ස් ටික දාන්න නාබිට ඇස් වලින් අණ කරන ගමන්.

කිසිම කතාවක් නැතුව සාමාන්‍ය විදිහට ටේගෙ ෂර්ට් එකේ බටන්ස් දාන ගමන්, ළඟටම ඇවිත් සුබ පතන ජේසන් දිහා බලලා හිස පහත් කරලා පෙරලා සුබ පතන ගමන් නාබි ලස්සනට හිනා වෙනකොට බලා ඉද්දි තේහ්යොං ගෙ මූණ ඇද වෙලා ගියා.

💫Baby, u're My ANGEL⭐🌠Where stories live. Discover now