33

42 11 0
                                    

💜"ලීහියා.. ඇයි...?"

🧡"ඇයි?"

ලීහිගෙ සුපුරුදු දඟ හිනාව...

💜"මොකද්ද අවුල?"

🧡"කෝ.. මොකුත් නෑ "

💜"හ්ම්,,, ඕකේ,,,"

කුකී කට කොනකට ගත්ත උපහාසාත්මක හිනාවත් එක්ක ඔලුව දෙපැත්තට වනලා, තමන්ගෙම දනිස් දෙකට පාරක් ගහගෙන ලීහි ළඟින් නැගිටලා යුංගි, ජේසන් දෙන්නා ළඟ හිස් පුටුවට ගියත් ඉඳහිට ඇස් ලීහි හොයාගෙන ගියා. ටේ හිටියෙ නාබි එක්ක නම්ජූන්, ජින්, හෝසොක් ඉන්න ටේබල් එකේ.

ජේසන් ගෙදර පාටි එකෙන් පස්සෙ කට්ටියම එකතු වුණේ Hotel milky way එකට අයත් බීච් එකට. නාබිගෙ උපන්දිනය වෙනුවෙන් තේහ්යොංගෙ නමින් බීච් එක ලස්සනට ඇරේන්ජ් කරල තිබුණෙ හවස කුකී දාපු ඕඩර් එකට අනුව. හැම තැනම එල්ලපු පාට පාට ජපන් ලන්තෑරුම් ඝන කළු අහසෙ තරු වියනට යටින් තවත් අහසක් මවා පෑවා. ලුණු මිශ්‍ර කරදිය සුවඳ යටපත් කරගෙන හාත්පස විහිදුන ජැස්මින් සුවඳ මතුවුනේ කොහෙන්ද කියල හිතාගන්න අමාරුයි. මුහුදේ ගීතය පසුබිමින් ඇහෙද්දි මේ පාටි එක වෙනුවෙන් වෙන්වුණු බිම්කඩ පුරාවටම බොහොම ලයාන්විත තනුවක් වාදනය වුණා. තේහ්යොං ගෙ සහෝදරයො ටික හදිස්සියෙ ලැබුණ ආරාධනයක් වුනත් යොදාගෙන තිබුණ වැඩත් කැන්සල් කරගෙන ටේ වෙනුවෙන් ආවත් ජිමින් රටෙන් පිට හිටපු නිසා එයාට විතරක් එන්න බැරි වුණා. ඒ ඇරුණම මේ විශේෂ සාදයට සහභාගි වුනේ ජේසන්, ලීහී, ජොන්හන්, මැනේජර් පාක්, ගාඩ් චෙං ඇතුලු තවත් අතලොස්සක පිරිසක් විතරයි.

ජොන්හන් එක්ක කතාකරන ගමන් ඕන එකටයි එපා එකටයි හැම එකටම ඕනවටත් වඩා හයියෙන් හිනාවෙවී හිටපු ලීහි දිහා හෝසොක් බලාගෙන හිටියෙ ටික වෙලාවක ඉඳන්.

🐿"නාබියා.. ඔයාගෙ යාලුවනම් ඕන වෙලාවක බැලුවොත් හක හක ගාගත්ත ගමන්ම තමයි නේද?"

💙"ඕ.. එයා කිසි දෙයක් සීරියස් ගන්නෑනෙ. ඔහොම තමයි ඕන වෙලාවක."

❤"හම්මේ ඔව්.. එක්කො ගුලි කාලා වගේ හිනා වෙනවා, නැත්නම් චීන පටස් වගේ පුපුරනවා. හැබැයි අපේ බාබි බේබි වගේ මූණ එල්ලගෙන ඉන්නවනම් මම දැකලම නෑ"

💫Baby, u're My ANGEL⭐🌠Where stories live. Discover now