04

66 18 2
                                    

ෂූට් එකට සන්සෙට් එකට සෙට් වෙන්න බැරි වුණා වගේම ලයිටින් ප්‍රශ්න, වෙලාව මදිවීම එක්ක එදා දවසෙ ෂූට් එක කැන්සල් කරන්න ප්‍රධාන අධ්‍යක්ෂක යූන් තීරණය කලා.

ලොකුම ගැටලුව වුණේ හෙලන් ඊළඟ දවසෙ විදේශ ගත වීමත් එක්ක තව මාසයක්වත් යනකල් මේ වැඩේට දිනයක් දෙන්න එයාට බැරි වුණ එක. කොහොම වුනත් "SUMU සමාගම" ට සති දෙකක් ඇතුලත මේ TV කමර්ෂල් එක ඉවර කරල බාර දෙන්නත් ඕන. ඒ නිසාම පසුව දා ආයතනයේ විශේෂ රැස්වීමක් තිබුණා.

CEO එක්ක තිබුණ මීටින් එකට ඩිරෙක්ටර් යූන් ඇතුළු වගකිව යුතු සහ තීරණ ගැනීමට අදාළ හැම කෙනෙක්ම කැඳවලා තිබුණා. ඒකට ශෙවාන්, AD, ලීහී, ඒ හැමෝමත් හිටියා. ඒ එක්කම නාබි සම්බන්ධ inquiry එකකටත් ආයතනය සූදානම් වෙලා හිටියත් නාබි එදා වැඩට ආවෙ නෑ. ඒ වෙනුවට නාබිගෙ අබොජි ඇවිත් මෙඩිකල් එකක් දීලා ශෙවාන්ව මුණගැහිලා කතා කරලම ගිහින් තිබුණා.

🤵"ශෙවාන්! කෝ ඔයාගෙ මහ ලොකු ස්ටයිලිස්ට්. ඔක්කොම වැඩ ටික අල කරල ඒ මදිවට අද ඇවිල්ලත් නෑ නේද ? ඔයත් පාඩමක් ඉගෙන ගන්න. මනුස්සයෙක් විශ්වාස කරද්දි දෙපාරක් නෙමේ ඊට වඩා ගොඩක් හිතන්න."

ඩිරෙක්ටර් යූන් තවමත් ඉන්නෙ නාබි ගැන තරහෙන් කියල කියන්න වෙනත් දේවල් ඕන ඕනේ නෑ. ඒ කතාව ශෙවාන්ලගෙ CEO ටත් හොඳ ප්‍රවේශයක් වුණා.

" දැන් බලන්න, එයා කිසිම වගකීමක් තියෙන කෙනෙක් නෙමේ කියල කියන්න මේ සිද්ධියම ඇති නෙ. ඊයෙ එයා නිසා.. සම්පූර්ණයෙන්ම එයා නිසා එහෙම්මම ෂූට් එක කැන්සල්. සමහර විට ඒ ආපු ජොබ් එකත් කැන්සල් වෙන්න පුළුවන්. තේහ්යොං ට පුළුවන් අපිට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න වුනත්. මේව ආයතනයේ කීර්තිනාමයට කෙලින්ම බලපාන දේවල්. ඒ ඔක්කොම එහෙම තියෙද්දි ඊයෙ ඒ කෙල්ල එක පාරටම කියනව මං අස්වෙලා යනව කියලා. එයාට අදාල නෑ කම්පනි එකට එයා වගකියන්න බැඳිලා ඉන්නව කියන එකවත්. ඒ මදිවට දැන්.. අද ඇවිල්ලත් නෑ නේ.. පුදුම මිනිස්සු තමයි ඔයත් රෙකමන්ඩ් කලේ ටීම් එකට ගන්න කියල. ඒතත් නිකම් නෙමේ. කී මේක්අප් ආටිස්ට් විදිහට. ඔයා මේවට වගකියන්න ඕන ශෙවාන්.. Producer එක්ක කතා කරල ඔයා තීරණය කරන්න මේ වෙච්ච ලොස් එක කොහොමද කවර් කරන්නෙ කියලා. අනික කම්පනි එකේ නමට සිද්ධ වෙන හානිය, ඒව මුදලින් වහන්න බෑ.."

💫Baby, u're My ANGEL⭐🌠Where stories live. Discover now