නාබි දැන් තමන්ගේ අරමුණ ගැන වෙනදටත් වඩා උවමනාවෙන් වැඩ කළේ. වෙනත් දේ ගැන උනන්දු වෙන එක හිතාමතාම අත්හැරියා. කොලේජ් එකේ වැඩ වුනත්, ටේගෙ පර්සනල් මේක්අප් ආටිස්ට් විදිහට වුනත් තමන්ගෙ උපරිමයට යන්න නාබි නිතරම උත්සාහ කළා.
තේහ්යොං එක්ක කතා කළේ අවශ්‍ය දේකට විතරයි. අනවශ්‍ය විහිලු තහලු පවා ගොඩක් සීමා කළා. නාබිට අවශ්‍ය වුණේ නෑ ටේ, ස්මයිලි අතරෙ තුන් වෙනියෙක් වෙන්න. තේහ්යොං ස්මයිලි ගැන ලොකුවට විශේෂයක් නොදැක්වුවත් එයා එක්ක ඉන්න හැම වෙලාවෙම වගේ හිනාවෙලා සතුටින් ඉන්න හැටි නාබි දැක්කම එතනින් එහාට ඊට වඩා දේවල් ගැන හිතන්න උවමනාවක් වුනෙත් නෑ.
තේහ්යොං ගෙ හැසිරීම එහෙම වුනත්, ස්මයිලි ගෙ පැත්තෙන් ගත්තොත් තත්වය හාත්පසින්ම වෙනස්. එයා නිතරම TV show එකේදි වගේම ඉන් බැහැරවත් හැම වෙලාවකම උත්සාහ කලේ තේහ්යොං ගෙ ළඟින්ම ඉන්න. එයා තමන්ට අයිති දෙයක් කිය ල හැමෝටම හැඟවෙන විදිහට ඉන්න තම යි එයාට ඕන වුණේ.
රාජකාරිමය කටයුතුවලට වගේම එයින් පරිබාහිරව දෛනිකව දුරකථන ඇමතුම් දෙන්නත් ස්මයිලි පුරුදු වුණා. සමහරවිට ඒ කිසිම හේතුවක් හෝ අවශ්‍යතාවයක් නැතුවම එන ඇමතුම්. ස්මයිලි විශේෂ ගමනක් ගියත් ෆොටෝ එකක් හරි එව්වා. ඒත් නැත්නම් "ගුඩ් මෝනින්", "අද මොනවද කරන්නෙ?", "හොඳ රෙස්ටුරන්ට් එකක් තියෙනවා - මම අද ගියා - කෑම රසයි" ඔය වගේ පුංචි පුංචි මෙසේජස් කීපයක්වත් ස්මයිලි ගෙන් වැරදුණේම නෑ.
ස්මයිලි ඒ තරමට ළං වෙන්න වෙන්නම නාබි දවසින් දවස හිත රිද්දගෙන නිහඬ වෙන්න උත්සාහ කළා. එයා දැනගෙන හිටියා යමක් අමතක කරන්න හොඳම ක්‍රමය වැඩි වැඩියෙන් වැඩ කරන එක කියලා. ඒ නිසාම නාබි පුළුවන් තරම් ස්ටඩීස් වලට අදාලව ගොඩක් දේවල් කලා. ටේ එක්ක වැඩ වලට ගියත් තමන්ගේ ඩියුටිය ඉවර වුණ ගමන් පැත්තකට වෙලා පොතක් හරි කියෙව්වා. දිනපතාම වගේ උදේ හවස පේන් කිලර් ගන්න පුරුදු වුණේ මේ දේවල් එක්ක නිතරම හිසරදය පවා ඇතිවෙන්න ගත්ත නිසා.
කොහොම වුනත් තේහ්යොං තමන්ගේ වැඩ අතරෙ නාබි ගැනත් බැලුවා. හරියටම කියනවනම් මින්සූ වගේම. ඒත් එයාට වත් තමන්ගෙ හිතේ, හිසේ වේදනා ගැන කවදාවත් නාබි කිව්වෙ නෑ. ඔය අතරෙ වතාවක් ඔම්මයි අප්පයි වෙන වෙනම නාබිව බලල යන්න ආවා. ඒ විතරක් නෙමේ තේහ්යොං නාබිව චෙං එක්ක ඔම්ම - අප්පා, අසනීපෙන් ඉන්න හල්මොනිවත් බලන්න දෙතුන් වතාවක්ම යැව්වා.
![](https://img.wattpad.com/cover/314187177-288-k391606.jpg)
VOUS LISEZ
đĢBaby, u're My ANGELâđ
Fanfictionāļĸāˇāˇāˇāļāˇāļ§ āļļāļŗāˇāļą āļāļĢāˇāļ¸āļ āˇāˇāļą āˇāļŊāˇāļąāˇ āˇāļģāˇāļąāˇāļą āļ´āˇāˇ āˇāˇāļąāˇ āˇāˇāļĢāˇāļ§.. āˇāˇāļą āļ¸āˇāļāˇāļŊāˇ āļāˇāļē āļ¯āˇāļ§ āļ´āˇāļģ āˇāļģāļ¯āˇāļ¯āļāˇāļą āļļāˇ.. āļ āļ´āˇ āļ āļŊāˇāļāˇāļąāˇ āļŊāˇāļēāļ¸āˇ āļ āļŊāˇāļāˇāļąāˇ āļ āļŗāˇāļ¸āˇ āˇāļģāˇāļ¸āˇ āļ āļŊāˇāļāˇ āˇāˇāļ¯āˇāˇāļāļ§ āļāˇāˇāļģāˇāˇāļāˇ āļāˇāļēāļąāˇāļ§ āļ´āˇāļŊāˇāļāļąāˇāļąāˇāļ§ āˇāļŠāˇ āļāļ¸āļąāˇ āļāˇāļģāˇāļ¸āˇ āļ āļģāļąāˇ āļāˇāļģāļĢāļēāļāļ§ āļāļą āļāļ āˇāļŠāˇ āļąāˇāˇāˇāļģāļ¯āˇāļēāˇ. āļ āļąāˇāˇāˇ.. āļāļąāˇāļą.. āļ āļ´āˇ āļāˇāļēāˇāļŊāļ¸ āļļāļŊ...