41

32 9 2
                                    

මැනේජර් පාක් ඩ්‍රයිව් කරන අතරෙ කීප වතාවක් ටේ දිහා බැලුවත්, ටේ බර කල්පනාවක හිටිය මිසක් කතා කරන්න සූදානමක් තියෙන බවක් රතු වෙලා තඩිස්සි වුණ මලානික මූණෙන් නොපෙනුන නිසා නිහඬවම හිටියා.

මැනේජර් පාක් හිටියෙත් ලොකු ප්‍රශ්නෙක. පාක්ට නාබිගෙන් ඇමතුමක් ආවත් ඒක විසන්ධි කරල දැම්මෙ නාබි ගැන පාක්ගෙ හිතේ තිබුණ විශ්වාසය ගෞරවය බිංදුවටම වැටිල තිබුණ නිසයි.

ඒ සම්බන්ධය ගැන පාක් මුලින් අකමැති වුණේ ජෙසිකා නිසා වුණ දේවල් ආයෙත් සිද්ධ වෙනවට අකමැති නිසයි. ඒ වුනත් නාබි හොඳ ගෑණු ළමයෙක් කියල විශ්වාස කරගෙන මේ දෙන්නව යාලු කරන්න පාක් වුනත් සෑහෙන වෙහෙසක් දැරුවා. විශේෂයෙන් නාබිට උදව් කලා. ඒත් අද ජෙසිකා වගේම නාබි කලෙත් අතරමගදි කොල්ලගෙ හදවත කඩල බිඳල දාලා ජීවිතේම විනාශ කරන එක.

පහුවදා තේහ්යොංව බලෙන්ම ඇහැරවලා හයිබ් එකට අරන් ගියේ විශේෂ රැස්වීමකට.

🐨"ළමයි, අපේ මේන් ස්ටයිලිස්ට් immediate resignation දීලා. ඒ නිසා එතනට හරි කෙනෙක් දාන්න අවම සති දෙකක්වත් යයි කියලා තමයි මැනේජ්මන්ට් එක කියන්නෙ.  ඒ නිසා ඔයාලගෙ පර්සනල් මේක්අප් ආටිස්ට්ල එතකොට ෆැෂන් ඩිසයිනර්ල එකට එකතු කරල එක තීම් එකකට එක ටීම් එකකට ගන්න එකට අපිටත් involve වෙන්න වෙනවා."

🐣"වට් නම්ජූන් හ්යුන්ග්? මේ අපේ නාබි නෑනා? ඉමීඩියට් රිසයින්? ඒත් ඇයි ?? තේහ්යොංගී, මොකද මේ??"

🐨"හේතුව මොකක් වුනත් ඒක එහෙම වුණා. ඒක නෙමෙයි දැන් අපි බලන්න ඕන, නෙක්ස්ට් වීක් අවෝඩ් ෂෝ දෙකක් තියෙනවා. කොන්සට් වලටත් වඩා එතනදි අපිට ස්ටයිලිස්ට්ව වැදගත්."

😾"නම්ජුනා.. ඒක මැනේජ්මන්ට් එකේ වගකීමක්නේ.  ඕක අපේ ඇඟට දාලා එයාල පැත්තකට වෙන්නෙ කොහොමද?"

🐨"මේන් ස්ටයිලිස්ට් විදිහට නාබිව ඉල්ලුවෙ අපි. මේ වගේ එකපාර හදිස්සියේ අස්වුනාම අපිට ඒ වගකීම බාරගන්න වෙනවා."

ටේබල් එකටම මූණ නැඹුරු කරගෙන වචනයක්වත් කතා නොකර හිටපු තේහ්යොං ඇස් විතරක් උස්සලා බැලුවේ තමන් නිසා කී දෙනෙක් කරදරේ වැටෙනවද කියන වරදකාරී හැඟීමෙන්.

💫Baby, u're My ANGEL⭐🌠Where stories live. Discover now