47

28 8 0
                                    

🧡"ස්මයිලි? ඔ.. ඔයා..?? ඇයි මේ?ක්.. කො.. කෝ...  ටේ ඔප්පා...?"

ලීහි කලබලෙන් වටපිට බැලුවෙ මේ වෙලාවෙ මෙතනදි තේහ්යොං  තමන්ව දැක්කොත් ප්‍රශ්නයක් වෙන බව දන්න නිසා. මොකද හැමෝම නාබිට පොරොන්දුවක් වෙලා තිබුණා නාබිගෙ අසනීප තත්වය වගේම, මේ කරපු හැමදෙයක්ම, මේ කැප කිරීම්  ටේට සදාකාලික රහසක් බවට පත් කරන්න. එහෙම නැති උනොත් එයා මීටත් වඩා විඳවන බව නාබි හොඳින්ම දැනගෙන හිටියා.

ස්මයිලි උත්තර නොදීම කඳුළු පිහිදදා යන්න හැදුවෙ එයා කතා කරන්න පුළුවන් තත්වයක නොසිටි නිසා. ඒත් ස්මයිලිට ලීහිගෙන් ගැලවීමක් නොලැබුණේ ස්මයිලිගෙ ප්‍රශ්නයක් කියන්නෙ තේහ්යොංගෙත් ප්‍රශ්නයක් නිසයි.

ලීහි ස්මයිලිගෙ අතින් ඇදගෙනම විසිටර්ස් ඒරියා එකෙන් එහා පැත්තෙ තිබුණ ගෙස්ට් රූම් එකට ගිහින් කෙලවරේ තිබුණ සෝෆා එකෙන් ඉඳගත්තා.

🧡"ස්මයිලී, කෝ ටේ ඔප්පා "

🔥"එයා එයි මාව පික් කරන්න. දැන් එනවා ඇති "

🧡"ස්මයිලි...! ඔයා කැමතිනම් විතරක් මට කියන්න .. ඇයි ඔයා මේ අඬන්නෙ?"

🔥"ම්..මට.. මගේ... "

ස්මයිලි ගෙ ඇඬුම ආයෙත් අලුත් වුණා.

🧡" ෂ්... ෂ්... හරි.. ඉස්සෙල්ල ඔයා සන්සුන් වෙන්න.  ඊට පස්සෙ අපි කතා කරමු"

විනාඩි ගානක් ලීහි ස්මයිලිගෙ ළඟට වෙලා හිස පිරිමදිමින් ඉද්දි ස්මයිලි ඔලුව උස්සල ලීහි දිහා කෙලින් බැලුවා.

🔥" ඉතින් ඔයා මෙහෙ? ශෙවාන් මීට් වෙන්නද?"

🧡"අනේ නෑ.. මම නාබිව බලන්න ආවෙ"

🔥"ඕහ්.. ටේ කිව්ව තමයි දැන් එයාලත් මෙහෙ පදිංචිය කියල... ලීහි! මට කියන්න! නාබි ආයෙත් ටේව අයිති කරගනීද? එයා මෙහෙට ආවෙ ඒකටද? එයා මට කිව්වෙ එයාට අසනීපයි, ජීවිතේ ගැන විශ්වාසයක් නෑ කියලා.  ඒත් එයා දැන් මෙහෙ. ටේට ශෙවාන්වත් හම්බ වෙලා තිබුණා... නාබි ආයෙත් මගෙ හීන විනාෂ කරයිද... මගෙ තේයොංව එයා ආයෙත් උදුරගනීද?"

🧡"ස්මයිලි! මට මේක කියන්න. ටේ ඔප්පා ඔයා එක්ක ඉන්නෙ සතුටින් නෙමේද? කැමැත්තෙන් නෙමිද? එයා ඔයා ගැන හිතන්නෙ, හොයන්නෙ බලන්නෙ නැද්ද?"

💫Baby, u're My ANGEL⭐🌠Where stories live. Discover now