46

34 8 0
                                    

💙"ශෙවාන්...! ඔයා අද ගොඩක් මහන්සි පාටයි."

💚"ආහ්... නෑ...එහෙම නෑහ්!"

ශෙවාන් නාබිගෙ නහයට ඇඟිල්ලෙන් පොඩි තට්ටුවක් දාලා හිනා වෙන ගමන් කිව්වා.

💙" අද නේද ඔයා ඔයාගෙ ඩොක්ටර්ව හම්බ වෙන්න යන දවස ? ඇයි ඒක මිස් කලේ.. ටිකක් රෙස්ට්  කරල අපි යමුද ඩොක්ටර් ළඟට?"

💚"ම්... අද බෑ.. මං appointment දැම්මා හෙට.. අද ටිකක් එළියට යමුද ඇවිදින්න... රෑට.. අද Bee's garden  යමු. අර වයලීන් ගහන සීයත් ඉන්නවා. උදේ වෙනකන් හරි ඉන්න පුළුවන් .. හෙට මම නිවාඩු"

💙"වා...ව්.. ඔය ඇත්තටමද ශෙවාන්... අනේ කොච්චර ෂෝක්ද ඔයා.. උම්මාහ්.."

නාබි ශෙවාන්ගෙ බෙල්ල වටේට අත් දෙක යවලා කම්මුලට කිස් එකක් දුන්නා.

💙"ඇත්තටම මට රෑට නින්ද යන්නෙත් නෑ.. ඔයා හරි හොඳයි ශෙවාන්... මගේ මේ පැටිය නිසා මේ හැමදේම ඉවසන් ඉන්නෙ මම. නැත්නම් අද වුනත් සදහටම ඇස් දෙක පියාගන්න කැමතියි මම මේ විඳවනවට වැඩිය.."

💚"මොනවද බබා කියවන්නෙ? පැටියට විතරමද ඔයාව ඕන? ඔයා මගෙ වයිෆ්. මං මට පුළුවන් නම් මගේ පණ හරි ඔයාට දීලා ඔයාව සනීප කරනවා. මම ඩොක්ටර් කෙනෙක් වුණාට මොකටද ඔයාව බේරගන්න බැරිනම්.... මාව විශ්වාස කරන්න.."

💙"හරි හරි .. ඒක මම දන්නවා"

💚' ... අපි ඕන දේකට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕන තමයි, ඒකෙන්  කියවෙන්නෙ නෑ අපි ඔක්කොම බලාපොරොත්තු නැති කරගන්න ඕන කියලා.  සමහර වෙලාවට අපිව ජීවත් කරන්න අපේ බලාපොරොත්තු වලට පුළුවන්."

💙"හරි බබා.. මට මගේ ජීවිතේ විශ්වාස නැති වුණාට ඔයාව විශ්වාසයි..."

ශෙවාන් නාබිගෙ නළලෙ සුමුදු හාදුවක් තවරලා අඩියට දෙකට නාන කාමරයට වැදුණෙ  ශක්තිමත් හිතට අභියෝග කරපු කඳුළක් කාටත් හොරෙන්ම වතුරට දිය කරන්න ඕන වුණ නිසා.

_______________________________

බංකුවෙ වාඩි වෙලා හිටපු ශෙවාන්ගෙ ඇඟට හේත්තු වෙලා 
බංකුව දිගේම කකුල් දෙකත් දිගෑරගෙන තමන්ගෙ දෙවනි අයිස්ක්‍රීම් එකත් කාලා ශෙවාන්ගෙ එකේ බාගෙකටත් වගකියපු නාබි බෝල බණ්ඩියට අතකුත් තියාගෙන ඇස් දෙකත් පියාගෙන  සීයගෙ වයලින් වාදනයට සමවැදුනම වෙලාව යනව දැනුණෙ නෑ.

💫Baby, u're My ANGEL⭐🌠Where stories live. Discover now