08

63 17 1
                                    

ලීහි තමන්ගේ වැඩේ කරන අතරෙම වීදුරුවෙන් එහා පැත්තෙ සිද්දවෙන දේ බලාගෙන හිටියෙ.

පිස්සුවෙන් වගේ BTS "V" ට ආදරේ කරපු නාබි, දවස පුරාම වුනත් V ගැන කියවපු නාබි, BTS ලගෙන් ගැලරි එක පිරුණම පලවෙනි සැලරි එකෙන්  "V" වෙනුවෙන්ම 164 GB memory chip එකක්
මිලදී ගත්ත නාබි, කවුරු හරි BTS ලට මොනව හරි කිව්වොත් තර්ක කරල, රණ්ඩු වෙලා, වරු ගානක් හරි කියවලා, ඒව වැරදියි කියන්න සාක්ෂි හොයාගෙන එයාට පාඩමක් උගන්නලම මිසක් පස්ස බලන්නැති නාබි, අද එයාගෙ හීන ලෝකෙ රාජ කුමාරය "V' දික් කරපු අත ප්‍රතික්ෂේප කලා.

ෆෝන් එකේ තියෙන ෆොටෝ දිහා පැය විසි හතරෙම හරි දැහැනට සමවැදිල වගේ බලන් ඉන්න කැමති කෙනා ඒ මූණ දිහා කෙලින් බැලුවෙවත් නෑ.

ලෝකෙට නාබි වුණ, යාලුවන් අතරෙ බාබි වුණ කෙල්ලට  ජීවිතේ අහන්න ආසම කරපු ගැඹුරු හඬින් බාබි ඩෝල් කියල කතා කරද්දිත් එක මොහොතකට නැවතිලා කියන්නෙ මොකක්ද කියලවත් දැනගන්න උවමනාවක් නැතුව යන්න ගියපු හැටි...

ඒ හැමදේම තුලින් ලීහි දැක්කා තමන්ගෙ යාලුවගේ හිතේ තියෙන වේදනාව. එයා කවදාවත් ඔය වගේ රිඇක්ට් එකක් නාබිගෙන් දැකල නෑ. ඔය දේවල් නාබිට වෙන කෙනෙක් සම්බන්ධයෙන් වුණානම් මෙතන ඊ ළඟ ලෝක යුද්ධෙ වගේ තියෙන්න තිබුණා. ඒත් ඒ දේ තමන් වැඩියෙන්ම ආදරේ කරපු කෙනෙක්ගෙන් සිද්ද වුණාම...   හිත රිදුනට වඩා හිත බිඳුනම තත්වය වෙනස්.  එතනදි රණ්ඩු, ආගියුමන්ට් ඇත්තෙම නෑ.

ලීහිනම් මේ දේවල් වලින් දකින්නෙ ජීවිතය. ලීහි හිතන විදිහට ජීවිතේ කියන්නෙ සරසවියක්. අපිට මුණ ගැහෙන හැම කෙනෙක් ළඟම අපිට උගන්වන පාඩම් තියෙනවා. සමහර අය තියරි කියල දෙනකොට අනිත් අය ප්‍රායෝගිකව අපිට උගන්නනවා. කොහොම වුනත් ලීහිට නාබි විශේෂයි. ඒ ලීහීට ඉන්න ළඟම යාලුවා නිසා.

ඒකයි ලීහි වැඩ ටික පුළුවන් ඉක්මනින් කරලා එළියට දිව්වෙ තේහ්යොංට දෙකක් කියල එන්න හිතාගෙන. ඒ යද්දි තේහ්යොං පේන්න හිටියෙ නෑ.

ලීහි පස්සෙයි දැක්කෙ ශෙවාන් එක්ක කතා කර කර ඉන්න තේහ්යොං ව. ලීහිත් හෙමින් එතනට යද්දිම..

💚"අහ්, ලීහී.. ඉවරද වැඩ"

ශෙවාන් සුහද හිනාවක් මූණට අරගෙන කියන ගමන් තේහ්යොං දිහා බැලුවෙත් ඒ හිනාවෙන්මයි.

💫Baby, u're My ANGEL⭐🌠Where stories live. Discover now