44

35 8 1
                                    

__________________________
තේහ්යොංගෙ වෙඩින් එකට දවස් දෙක තුනකට කලින් හවසක, ජනාකීර්ණ සෝල් නගරයේ සුපිරි අවන්හලක දහහතරවෙනි මහලෙ වම් පැත්තෙ වින්ග් එකේ පුංචි ටේබල් දෙකකින් යුතු කැබින් එක වෙන්වුණේ ජංකුක්ගෙ නමින්..

ජංකුක් එක්ක ලීහි ආවට එයා දැනගෙන හිටියෙ නෑ මෙතනට ආව හේතුවවත්. ඒ වුණත් බැහැගෙන යන ඉරේ මලානික තැඹිලි පාටින් පාටවුණ සෝල් නගරය දැක්කම ලීහිට ඕන වුණේ නෑ හේතුව දැනගන්නවත්. වහල තිබුණ ජනේලෙ ඇරල දාලා වැලමිටි දෙකට බරදීලා ඒ දිහා බලාගෙන ඉඳියෙ පුංචි කාලෙ ඉඳලම සෝල් එක්ක තියෙන මතක අලුත් වෙද්දි. එකපාරටම ලීහිගෙ දෑස් කාගෙ හරි දෑතකින් මුවා වුණා.

🧡"බ්...බා.. බි..යා....හ්?"

ලීහි මිමිණුවා..

මොහොතකින් දෑස නිදහස් වුණත් ලීහි ආපහු හැරෙන්න වෙලාව ගත්තෙ මෙතන මේ වෙලාවෙ බාබි ඉන්න බෑ වගේම බාබි හිටියත් ඒ එක්කම ශෙවාන්වත් මතක් වුණ නිසා.

ආපහු හැරුණ නාබි ඉස්සරහ හිටියෙ ඔලුවත් ඇල කරගෙන තක්කඩි හිනාවක් දාගෙන ඉන්න හා තඩියෙක් විතරයි.

ලීහිගෙ මූණ එක සැනෙකින් වෙනස් වුණා. අවුල් සහගත ප්‍රබෝධවත් බව වෙනුවට මෝඩ හිනාවක් විතරක් ඉතුරු වෙලා තිබුණා.

💜"බාබි! බාබි...!! කොහෙ ඉන්න බාබියෙක්ද? එයාට ඔයාව මතකත් නෑ.. තවත් කියවන්නෙ නාබි ගැන. ඔච්චර දෙයක් කරපු එකීව තවත් විශ්වාසද?"

🧡"කුක්ස්! සම්පූර්ණ කතාව දන්නැතුව අපිට කාටවත් චරිත සහතික දෙන්න බෑ. එයා මාව මග අරින්න හේතුවක් ඇති. ටේව අතාරින්න හේතුවක් ඇති. කොච්චර වැරදි වුණත් එයාගෙ පැත්තෙන් සාධාරණ හේතු ඇති. එක්කො මොකක්ම හරි අසරණ කමක් ඇති.. ශෙවාන් වුනත් මං දන්නව එහෙම කෙනෙක් නෙමෙයි. ඒත්.. එයානම් ඉස්සර ඉඳලම නාබිට ආදරේ කලා තමයි. ඒ වුණාට නාබිගෙ සතුට ගැනයි එයා හිතුවෙ. දැන් වුණත් මං හිතන්නෙ එයා ඒ නිසා වෙන්න ඇති නාබිව බාරගන්න ඇත්තෙ. කවුරු මොනව කිව්වත් මං බාබිව දන්නෙ ඔය හැමෝටම කලින්... ඉතින්.. මං දන්නව එයා ටේව අතෑරියෙ ආදරේ මදි වෙලා නෙමේ.. ටේ ඔප්පා එයාට පුළුවන් උපරිමයෙන් බාබිව බලාගත්තා... එහෙම කෙනෙක්ව අතෑරල දාන්න තරම් බාබි ආත්මාර්ථකාමී කෙනෙක් නෙමේ.. එයා ටේ ඔප්පව හොඳට තේරුම් ගත්තා.. ඔයා කිව්ව හරි. මිනිස්සු වෙනස් වෙනව තමයි. ඔයා ඒක මට හරි ලස්සනට තේරුම් කලානෙ. ඒ නිසයි මං ඔයාට කිව්වෙ බාබි එක්ක කතා කරන්න ඕන කියලා. එයා මට කොහොම සැලකුවත් මට එයාව හම්බවෙන්න --"

💫Baby, u're My ANGEL⭐🌠Where stories live. Discover now