32

39 11 1
                                    

ඊ ලඟ මොහොතේ මොන වගේ දෙයක් සිද්ධ වේවිද කියන කුතුහලය වගේම ඇත්තටම මෙතනදි ජේසන් නාබිට propose කලොත් මොන වගේ තත්වයක් ඇතිවෙයිද කියන බයකුත් කුකීට තිබුණෙ, ටේ මොනව කිව්වත් කළත් එයාගෙ හිතේ නාබි ගැන ආදරයක් තිබුණ බව එයාට හොඳටම පැහැදිලි නිසා.

♣️"ජංගුක් ෂී.. මේ යක්කු මොනවද මේ කරන්නෙ? අපි හිතුවෙ මොකක්ද, දැන් මේ වෙන්නෙ මොකක්ද??" 

"......... මම මුලින් නාබිට මෙයා ඕනවට වැඩිය ළං වෙනවට අකමැති වුණේ එයාගෙ career එකට ප්‍රශ්නයක් කරගනී කියලා. මතකනෙ කලින් ජෙසිකා එක්ක පැටලිලා ඉන්නකොට... ඒත් කල් යද්දි මම තේරුම් ගත්තා නාබි ජෙසිකා වගේ කෙනෙක් නෙමේ කියලා. අනික මේ මනුස්සයා මෙච්චර මේ පිස්සු කෙලින්නෙ ඒ කෙල්ලට තියෙන කැමැත්ත හංගගෙන...."

"...... මට මෙයාට මගුල් කරල දෙන්න උවමනාවක් නෑ. මං එයාගෙ මැනේජර් මිසක් අම්ම තාත්ත නෙමේනෙ. ඒ වුණාට මට මේකා මගේ මල්ලි වගේ. මට මුළු දවසම මෙයා එක්ක ඉද්දි තේරෙනවනෙ කැමති මොකටද අකමැති මොකටද කියලා. ඒකයි ඔයා මේ ගැන කියද්දි මමත් හිතුවෙ මොනවහරි කරන්න ඕන කියල..."

"....ස්මයිලි ගැන ඇත්තටම මට විශ්වාසයක් නෑ. නාබිව මම දන්නවා අපි එකට වැඩකල නිසා.  එයා මේකාත් එක්ක තිබ්බ සම්බන්ධතාවයේ හැටිත් දන්න මට තේරෙනව මේ මිනිහා ඒ කෙල්ලට කැමතියි කියලා. මට තේරෙන රෙද්ද මේ මිනිහට තේරෙන්නැත්තෙ ඇයි මල්ලි....?"

"..... මූ මහ ඉරිසියාකාරයා. ඒකයි ජේසන්ට නාබිට ළං වෙන්න එතනත් ඉඩ හදල දෙන්න ලෑස්ති කලේ. මේ ගොං ගහ එතකොටවත් ඔය හිතේ තියෙන එක වමාරයි කියලා. යකෝ පුදුම ලොකු කමක්නෙ තියෙන්නේ.... ඒකට බකට් පෙරලන ගමන් එයා මෙතන වෙනම ගේමක්..."

මැනේජර් පාක් සෑහෙන අවුල් සහගත බවකින් වගේම තරහෙන් කතා කලේ. 

"... දැන් මේ මොන විකාරයක්ද බලපන්.. අර ජේසන් වුනත්... අනේ මන්දා.. මුලදී එහෙම දෙයක් නෑ වගේ හිටියට දැන් ඇත්තටම මෑන්  ට්‍රැක් පැනලද මන්දා. අපි පනින රිලවුන්ට ඉනිමං බැන්දා වගේ වැඩක්ද කළේ..  ඔයා එයා එක්ක කතා කලා කිව්ව නේද?"

💜"කතානම් කලා තමයි.  ඒත් මේ යන විදිහට මටත් හිතාගන්න බෑ මොනව කරන්න යනවද කියලා. අනික මේ මැටි වලහා අර ස්මයිලිව අල්ලගෙන මොන නැටුමක් නටනවද මන්දා. මං දැක්ක ගාඩ්න් එකේ පිඹුරො වගේ වෙලාගෙන ඉන්නවා. අපිටවත් කියන්නෑනෙ මොනවද හිතේ තියෙන්නෙ කියලා. මම ඇහුවහම කිව්වා "මං කරන්නෙ මට ඕන දේ" කියලා. එහෙම කියල අතාරින්න බෑනෙ හ්යුන්ග්.  එක සැරේකුත් වලේ වැටුණ කොල්ලා."

💫Baby, u're My ANGEL⭐🌠Where stories live. Discover now