42

33 8 3
                                    

තේහ්යොං ට ඕන වුණා විරාමයක්, හැම දේකින්ම ඈත් වෙලා ඉන්න. ඒ වුනත් එයාගෙ මෙම්බර්ස්ල නිතරම එයා එක්ක හිටියා. මැනේජර් පාක් හෙවනැල්ලක් වගේ තේහ්යොං ළඟ ඉඳන් හැමදේම හොයල බැලුවා.

ස්මයිලි ආපහු ඇවිත්. ඒ වුනත් ඒ කලින් හිටපු ස්මයිලි නෙමෙයි කියන එක ගොඩක් අයට තේරිලා තිබුණා. දැන් එයා ගොඩක් තැන්පත්. කලින් වගේ තේහ්යොං එක්ක ඇලීගෙන ඉන්න එයා උත්සාහ කලේ නෑ. තේහ්යොං ට හිසරදයක් නොවී ඉන්න එයාට පුළුවන් වුණා.

සතියක් දෙකක් රූම් එකටම වෙලා දවස ගත කරද්දි අනිත් අය එයාගෙ හිත හදන්න උත්සාහ කලා. හැමෝම තේරුම් කලා තේහ්යොංගෙ අතේ වරදක් නැති බව.

🐨"නොගැලපීම් ඉවසගෙන තවත් එකට හිටියත් ඒ බැඳීම් ස්ථිර නෑ තේහ්යොං.. ආයෙත් දවසක එයාට දැනෙනකොට එයා බලාපොරොත්තු වෙන දේවල් මීට වෙනස් කියලා, එයා කරන්නෙ කැප කිරීමක් කියල හිතනකොට ඔය තියෙන ආදරේවත් ඉතුරු වෙන්නෙ නෑ. මෙතන ඔයාගෙ කිසිම වරදක් නෑ.. හොඳම දේ තේරුම් අරගෙන පැත්තකට වෙන එක. තරහ වෙලා වෛර කරල තේරුමක් නෑ... ඔයා හිත හදාගන්න.  ඔයාව තේරුම් ගත්ත ඔයාගෙ විදිහට ඔයාට ආදරේ කරන අය ඕන තරම් ඉන්නවා.. ඒ නිසා මේක පරාජයක් කියල හිතන්න එපා "

🎺 "තේහ්යොංගී.. තවත් කල් ආදරේ කරලා ඒ මතකත් එකතු කරන් විඳවනවට වඩා දවසක් හරි කලින් වෙන් වුණ එක හොඳයි කියල හිතන්න. ඒක එයාගෙ කැමැත්ත නම් ඒකට ඉඩ දෙමු. ඉන්න මං ඔයාට සුප් එකක් හදල දෙන්නම්.. ඔය ආදර කැක්කුම ඉක්මනට අමතක වෙයි"

🐱"ඔච්චර හිතන්න එපා. එපානම් යන්න කියහන්... කාට එපා වුනත් උබව අපිට ඕන..  ඕනවට වැඩිය කරට ගත්තහම තමයි ඔහොම වෙන්නෙ. අනික කිම් තේහ්යොං එක්කෙනෙකුට එපා වුණාට ඒ වෙනුවට තව ලක්ෂ ගානක් ඉන්නවා... මෙහෙම ඉඳලත්, මටත් යුංගි මැරී මී කියනවනම් උබ ගැන තව මොන කතාද?"

හොබී ජිමින් දෙන්නත් නිතරම තේහ්යොං එක්ක කතා කලා.

"තේහ්යොනා... එයාට උබට වඩා හොඳ කෙනෙක් ලැබුණ නිසානෙ එයා යන්න ගියේ. එයා හිතුවෙ එයාගෙ සතුට, කැමැත්ත ගැන.. උබ ගැන හිතුවනම්, උබගෙ කැමැත්ත ගැන හිතුවනම් එයා කවදාවත් උබව දාල යනවද? නෑනෙ?? ඉතින් එහෙම කෙනෙක් ගැන තව දුරටත් හිතල දුක් වෙලා වැඩක් තියෙනවාද? අනික දැන් එයාට ඕන ජීවිතේ එයාට ලැබිලා ඉවරයි."

💫Baby, u're My ANGEL⭐🌠Where stories live. Discover now