24

40 11 0
                                    

නාබි කිසිම වෙලාවක තේහ්යොං ට වෙනසක් පෙන්නුවෙ නෑ. ස්මයිලි තේහ්යොං එක්ක හුරතල් වෙද්දි ඇස්වල කටු ඇනෙනවා වගේ දැනුනත් ඒ වෙලාවට එතන මගහැරල යනව ඇරෙන්න වචනෙකින්වත් ඒ බව ටේට දැනෙන්න ඉඩ හැරියෙ නැත්තෙ ටේ ගැන එහෙම හිතන්න තමන්ට අයිතියක් නෑ කියල නාබිගෙ හිත නිතරම නාබිට මතක් කරල දීපු නිසයි.

ඒ වුනත් වෙනත් ආටිස්ට් ල ඉන්න තැනදි වෙන වෙලාවටත් වැඩියෙන් තේහ්යොංගෙ අයිතිකාරි වගේ ස්මයිලි හැසිරෙනකොට මැනේජර් ගෙ මූණ නම් අබ දැම්මත් පුපුරණ තරම්. ඒ වගේ වෙලාවට මැනේජර් නාබිව මේක්අප් සෙට් එක අතට දීලා බලෙන්ම ටේ ළඟට යවෙන්නෙ.. වෙන මොකුත් නැත්නම් , අයි ෂැඩෝස් වලට මේ පාට ලස්සනයි කියලා නේල් පොලිෂ් එකක් හරි අතේ තියනවා ගිහින් මූණෙ ගාන්න කියලා.

"මිස් නාබි,  අර බලන්න තේහ්යොං ෂී ට දාඩිය දාලා. අර ... තොලට උඩින්.. යන්න යන්න, එයාව මෙහාට අරගෙන පිහිදාන්න.. ටිෂූ වලට වඩා හොඳයි නම් එයාගෙ පොකට් එකේ තියෙන ලේන්සුව හරි ගන්න. එයාට ඕව මතක නෑ, ඔයාම ගන්න.."

එයාගෙ ලිප් බාම් එක හරියට නෑ නේද.. ඩ්‍රයි වෙලා වගේ.. ගිහින් බලන්න. තව ටිකක් ගාන්න.  ඔතනින් එහාට ගන්න එයාව."

"මිස් නාබි,  අරයගෙ කොණ්ඩෙ අවුල් නේද.. අර නහය උඩ මෝල් එකත් පේන්නෑ වගේ. ඔයා ළඟට යන්න බැරිනම් මං එවන්නම් ඔයා ගාවට."

මොන විදිහකින් හරි ටේව ස්මයිලි ගෙන් ඈත් කරල තියාගන්න වගේ මැනේජර් ට ඕන වුණේ.

ඒත්, නාබි පුළුවන් තරම් උත්සාහ කලේ  එයාලට ඩිස්ටර්බ් නොකර තමන් ගෙ පාඩුවේ ඉන්න.

ඒත් මැනේජර්ගෙ උත්සාහය තේරිලාද මන්දා ස්මයිලි, නාබි තේහ්යොං ගෙ අඩුපාඩු හදද්දි ස්මයිලිත් එයාට පොඩි පොඩි වැඩ පැවරුවා.  වෝටර් ග්ලාස් එක අරන් දෙන්න, ෂූ වල බකල්ස් දාන්න, එයාගෙ ඇඳුම හදන්න, මේක්අප් ටච් කරන්න, හෙයාස්ටයිල් එක වෙනස් කරන්න වගේ.

සමහර වෙලාවට නාබි විතරක් ඉන්නකොට මේක්අප් රූම් එකට ඇවිත් සොෆ්ට් ඩ්‍රින්ක් එකක් ගෙන්නගන්න වගේ වැඩ වලට පවා නාබිව යොදා ගත්තා.

එදත් ප්‍රෝග්‍රෑම් එකේ බ්‍රේක් එකක් වෙලාවෙදි ටේ හිටියෙ සෝෆා එකට හේත්තු වෙලා ඇස්දෙක පියාගෙන  ස්මයිලි ටේට එහා පැත්තෙන් වාඩි වෙලා  ඉස්සරහට නැමිලා ටේගෙ කකුල දිගේ අත තියාගෙන ස්ක්‍රිප්ට් එක කියවමින් හිටියෙ ටේගෙ පැත්තට බර වෙලා.

💫Baby, u're My ANGEL⭐🌠Where stories live. Discover now