0️⃣8️⃣ වන දිගහැරුම

406 57 10
                                    

මගේ ආදරේ මගේ කර ගන්න මං කොච්චර දේවල් පරිත්‍යාග කරන්න ඕනිද මගේ සර් ?? '

ඔහුගේ මුහුණට හුස්මක් තරම් ලං වෙලා මහින්ස මිමිණුවේ ඒ ඇසුත් යන්තමට තෙත් වෙද්දි .......
මහින්ස දන්නවා ඔහු ඇහුවේ උත්තර ලැබෙන්නේ නැති ප්‍රශ්නයක් කියලා .....ඉතින්  ඔහුට උත්තර ඕනි නැ.. 
මහින්ස උත්තර බලාපොරොත්තු වුනෙත් නැ....

සුව නින්දක සිටි කේශ්වර ඔහුගේ දැත් ස්පර්ශයෙන් අවදී සිටින බව මහින්ස දන්නේ නැ...
ඔහු මිමිණු දේ කේශ්වර සර් අහගෙන හිටියා කියලා ඔහු දන්නේ නැ...

__________________

#කේශ්වර

තම කොපුලත ස්පර්ශ වූ සීතල පහසින් කේශ්වරගේ නින්ද නැති කරත් ලඟින්ම දැනෙන සුසුම් පහස නිසාවෙන් ඔහු දැස් පියන් අරින්න උත්සුක වුයේ නැත..

' මගේ ආදරේ මගේ කර ගන්න මං කොච්චර දේවල් පරිත්‍යාග කරන්න ඕනිද මගේ සර් '

ඔහුගේ සවන අසල මිමිණු ඒ වදන් ලේසියෙන් කේශ්වරට ඉවත දැමිය  නොහැක..


'  මගේ සර් !! '

ඒ වචන නැවත නැවතත් ඔහුගේ හදවතේ රැව් දුන්නේ හිත පතුලටම ඒ වචනය කිඳා බැස ඇති නිසාවෙන් විය හැක..

මෑතක සිට දිවා රාත්‍රි නොවෙනස්ව තම සිතුවිලි වලට බලපෑම් කරන මේ තරුණයාගේ හැගීම් නොතේරෙන්න තමා නොදරුවෙකු නොව, 
තම හැගිම්  ම|රා |  ද| මා සිත ඇතුලේම මිහිදන් කරවුයේ මීට බොහෝ කලකට ඉහතකදීය,

නමුත් හදිසියේම හමු මේ තරුණයා දැනටමත් තම හැගිම් වලට බලපෑම් කර හමාරය...
එසේ වුවද එයට ඉඩ දිය හැකිද යන්න පැනයකි  ?

මිහිපිට තමා කෙනෙක් නිසා වඳ වී නම් ඒ තමාගේ එකම දරුවා පමණයි, නමුත් මෑතක සිට තම සිත තමාටද අවනත නොවි මොහු  ගැන වදවනවා නොවෙද ?

තමාට ඔහු ගැන ඇත්තේ අනුකම්පාවක් ද නැත්නම් වෙන දෙයක් ද කියා තවමත් කේශ්වරට වැටහෙන්නේ නෑ.....
තමා ඔහු⁣ට අනුකම්පා කරන්නේ නම් , එය මොහු වෙන යම් අයුරකින් වටහාගෙන ඇත,
එසේනම් තමා ඔහුට කර ඇත්තේ බරපතල වරදකී..


අමාවක සඳ 🌙 ( Temporarily holded ) Where stories live. Discover now