Chapter 6

123 41 25
                                    

Aother pov

"ඔහ්.."

ජිමින්ගේ කට හඩින් ගැස්සුන ටේටේ එයා ලග හිටි ජිමින්ගේ මූන දැකලා තව පාරක් ගැස්සුනා.

"මන් දැක්කා ඔය දෙන්නා අනික් අය එක්ක ඔෆිස් රූම් එකේ ඉන්නවා."

ජිමින් ඇස්දෙක හීනි කරන් ටේයි ජන්කුක් දිහයි බලද්දි තදින් කෙල ගිල්ල ටේටේ ජන්කුක් දිහා බැලුවා.

"ඇයි එහා දිහා බලන්නේ..එයාද ඔයාගේ ඔපීනියන්.."

"න්හැ..."

ටේටේ එයාලා ආපු වෙලේ ඉදන්ම ජන්කුක් කියන දේ කරනවා බලන් හිටි ජිමින් එහෙම අහද්දි ටේටේ යන්තමින් එහෙම කියලා ඉදන් හිටි පුටුවෙන් නැගිට්ටා.

"ඒයි හාවෝ ඔයාට වෙනම කියන්න ඕනිද...."

ටේයි කුකියි එයාලා කියපු දේට පිටින් යන්න හදපු එකට ගේන්ති ගත්තු සුගා මහ සද්දෙන් අහද්දි කුකිත් එයාගේ පුටුවෙන් නැගිට්ටා..

"ඔයාලා මොකටද අපිට එන්න කියන්නේ.."

"රැග් කරන්න මිසක් වෙන මොකටද..."

"ඒත් ප්‍රින්සිපල් සර් කිව්වනේ මේහෙ රැග් කිරීම සපුරා තහනම් ඒ නිසා බය වෙන්න දෙයක් නෑ කියලා.."

කුකී බයයෙන් උනත් එහෙම කියද්දි සෝප්ජිමින් ජැකී මින්හෝ තුන්දෙනා හයියෙන් හිනාවෙන්න ගත්තා..

"මන් වැඩිවෙලා කතාකරන්නේ නෑ දුක්වෙන්න එපා කියලා වරුගනම් එසෙම්බ්ලි එක කරන්නේ ඔය ප්‍රින්සිපල්ම තමා කොල්ලෝ...."

හොබී කුකී ලගට ඇවිත් එයාගේ පිටට තට්ටු දානගමන් හිනාවෙලා කියද්දි එයාට රැව්වකුකී ආයේ කතාකරන්න ගත්තා..

"ඒත් මේක අසාදාරනයි...ඔයාලට බෑ අපිට එහෙම කරන්න.."

"අපි ඔයාගෙන් මේක සාදාරනද අසාදාරනද කියලා ඇහුවේ නෑනේ හාවෝ..."

ජිමින් ටේගේ ලගින් ඇස් දෙක අරන් කුකී දිහාට තද බැල්මක් දාලා කිව්වා.

---------------------------------------------------------

තව එකක් දුන්නෝ 🙃 මේකට පස්සෙත් එකක් දැම්මා..🤗

Attention pleaseWhere stories live. Discover now