Chapter 17

110 40 19
                                    

"එහාට යනවා.."

"මොකක්ද..."

"මට ඔතන දීලා තමුන් අනික් පුටුවට යනවා.."

"මට බෑ..ඔයාට ඕනි නම් එහා පුටුවෙන් වාඩිවෙන්න.."

"මේ කොල්ලො නිකන් බාල්දි පෙරලගන් නැතුව එහයින් වාඩිවෙනවා."

කුකී ජිමින්ව ගනම් ගන්නැති නිසා මැද්දෙන් පැන්න පූසා කුකීගේ කෑම ප්ලේට් එක එහාට කරන ගමන් කිව්වා.

"මන් ඔයාලව සියෝක්ජින් සර්ට කියනවා"

"හහ්..ඔයා හිතනවද එයා ගැන කිව්වම අපිව බය කරන්න පුලුවන් කියලා.."

කුකී ඉදන් ඉන්න පුටුව පිටින් හොබි එයා ලගට ඇදලා ගන්න ගමන් අහද්දි ජිමින් වෙන පුටුවක් අරන් ටේයි කුකියි මැද්දෙන් වාඩිවුනා.

"දන්නවද කොල්ලෝ..මන් ජිනීගේ bf වෙලා දැනට අවුරුදු තුනක් වෙනවා.ඒත් මන් මේ වැඩ නවත්තලා නෑ.."

"ඔයාලා මෙහෙම කරන එකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ.."

"මෙහෙමයි කොල්ලො මට මගේ ජිනීව සෙට් උනේ සීනියර් බැජ් එකෙන් අපි රැග් උනවෙලේ.."

"ඒකාලේ අපි සීනියර් බැජ් එකෙන් රැගුනා අපේකාලේ ඔයාලා අපේඅතින් රැග් වෙනවා ඒක වාරිත්‍රයක්."

"අපි රැග් කරන එකෙන් විනෝදයක් ලබනවා වගෙම ලමයිට අභියෝග වලට මූන දෙන විදිහ කියා දෙනවා.."

ටේගේ මිල්ක්ශේක් එක අරන් උගුරක් දෙකක් බිව්ව ජිමින් ආයේ ඒක ටේ ලගින් තියන ගමන් කිව්වා.

Attention pleaseWhere stories live. Discover now