Chapter 19

122 42 19
                                    

"ජිනී...."

"ම්..."

"මට බඩගිනියි..."

"ඇයි බ්‍රේක් ටයිම් එකේදි කෑවේ නැද්ද..."

ජින් එයාගේ කැබින් එකට ඇවිත් උකුලේ වාඩි උන හුරතල් පූස්ගේ ඉනවටේ අත් පටල ගන්න ගමන් ඇහුවා.

"කෑවා අනේ..."

"එහෙනම් බඩගිනි මොකද..."

තොල් උල් කරන් දුක හිතෙන මූනක් හදන් ඉන්න යූන්ගේ කම්මුල් දෙක මිරිකන ගමන් ජින් ඇහුවා..

"දම්නෑ..."

"ම්..මන් එහෙනම් ඔයාට කන්න මොනාහරි අරන් එන්නද..."

"කාටහරි ගෙන්න කියම්නකෝ.."

යූන් ජින්ගේ බෙල්ල බදාගන්න ගමන් එහෙම කියද්දි ජින් එයාගේ ෆෝන් එක අරන් කෑම ඕඩර් එකක් දැම්මා.

ඔම්මගේ අප්පගේ බූදලේ උනාම ඕනි දෙයක් කරන්න පුලුවන්ලුනේ.ඉතින් bf වෙනුවෙන් ස්කූල් එකට කෑමඕඩර් එකක් ගෙන්නගන්න එක මහලොකු දෙයක් නෙමේ.

"ජිනී..."

"ම්ම්.."

"ඔයත් කනවද..."

රාමේන් එකෙන් කටවල් දෙකක් විතර කාපු යූන් ෆයිල් එකක් අස්සට මූන ඔබන් හිටි ජිනීගෙන් ඇහුවා..

"එපා බේබ්...."

"මේ ජිනී...."

"ඕ කියන්න මැනික..."

"මන් අද ආෆ්ටර් ස්කූල් ඉන්නද..."

යූන් මෙච්චර වෙලා මාන බලපු ඒ ප්‍රශ්නේ හිමින් සැරේ ජින්ගෙන් ඇහුවා.

"ඒ මොකටද..."

"ස්කූල් ඇනවසරි එකට ස්කූල් එකේ කරන්න වැඩ ගොඩක් තීනවනේ.."

"ඔයාට ඕනි මේ පාරත් ඒ හැම දේම විනාස කරන්නද.."

යූන් මූන උපරිමේට කියුට් කරන් ඇහුවත් යූන්ගේ කියුට්කමේ තරම දන්න ජින් එයා අතේ තිබුන ෆයිල් එක පැත්තකින් තියලා යූන් දිහා හොදට බලන ගමන් ඇහුවා.

"අනේ නෑ...මේ පාර එක හොදටම කරන්නයි මට ඕනී..."

"විශ්වාසද..."

"ඔව් බේබ්....මාත් ඉන්නවා ඒකේ ප්‍රෆෝම් වලට.."

කෑම කන එක පැත්තකට දාපු යූන් ආයෙම ජින්ගේ උකුලට ගිහින් බෙල්ල වටේ අත් පටල ගන්න ගමන් කිව්වා..

"හරි එහෙනම්..හැබැයි යූන්-"

"හරි බේබ්..මේ පාර කිසිම දෙයක් අවුල් කරන්නෑ ප්‍රින්කි ප්‍රොමිස්..."

"ම්...ගුඩ් බෝයී..."

ජින් එයාගේ බෙල්ල අස්සේ මූන හන්ගන් ඉන්න යූන්ගේ පිට පිරිමදින ගමන් කිව්වා.

"ලව් යූ ජිනී...."

"ලව් යූ ටූ බේබ්.."

යූන් ජින්ගේ බෙල්ලෙන් පුන්චි හාදුවක් තියද්දි යූන්ගේ කම්මුලකින් හාදුවක් තිබ්බ ජින් කිව්වා..

"එහෙනම් ජිනී මන් යම්නද..අර දෙන්නා එලියේ බලන් ඉන්නවා.."

"මගේ හොර පූසා.."

ජිනී යූන්ගේ කම්මුලක් ඇදලා ලිප්ස් වලින් හාදුවක් තියලා එහෙම කියද්දි යූන් එයාගේ දත් තිස් දෙකම එලියේ දාලා හිනා වුනා.

"හවසට එනවද මාව ගන්න.."

"නෑ..."

"ඇහ්.."

"මන් ඔයා එක්ක යන්න මෙහෙට වෙලා ඉන්නවා.."

කන්ෆියුස් වෙලා හිටි යූන්ගේ කොන්ඩෙ අවුල් කරපු ජින් හිනාවෙන ගමන් එහෙම කිව්වා.

"හරි හරි..එහෙනම් මන් ගියා.."

"හරී...පරිස්සමට වැඩ ටික කරගන්න යූන්.."

"හරි බේබ්.."

කම්මුලෙන් හාද්දක් තියලා උකුලෙන් බැස්ස යූන්ට අතවනන ගමන් ජින් කියද්දි ආපිටට අත වැනුව යූන් කිව්වා.

Attention pleaseWhere stories live. Discover now