Chapter 9

119 40 34
                                    

"ආශ් ආශ්...එයාට කොහෙන්ද එච්චර හයියක් මට එහෙම කරන්න..හහ්..මටත් හොද වැඩේ..."

රෝසමලත් අරන් ජන්කුක් කැෆේ එකෙන් එලියට ගිය දොර දිහා බලන් කොන්ඩේ ඇදගත්තු හොබී ලග තිබුන ඩෙස්ක් එක්කට හයියෙන් පාරක් ගැහුවා.

ඒකෙන් ආපු සද්දෙට ගැස්සෙන ටේටේට කටේ කෑම පුරවන් ඉද්දිම ඉක්කා වැටෙන්න ගත්තා..

"ඔයා අපිවත් කෑවා.."

මූඩි ඇරලා වතුර බෝතලයක් ටේගේ ලගින් තිබ්බ ජිමින් හොබී ලගට ගිහින් කනට කරලා කිව්වා.

"මන් හිතුවේ නෑ ඒකා...හරි අපි ඉවරයි.."

"ඇයි මොකද උනේ.."

හොබීට පිටුපාලා හිටි ජිමින් සුදුමැලි වෙලා ගිය හොබීගේ මූනදිහා බලන් ඇහුවා..

"ආව්..මොන මෝඩ..හි-හියුන්.."

අර මොකාද වැහුන කෙනාවගේ කැෆේරියා එකට ඇතුලු උන ජින් ජිමින්ට ඇනපු ටොක්කට තරහා අර ගත්තු ජිමින් ජින්ගේ මූන දැකලා කලබල වුනා..

"ඒයි පූසෝ ඕක නවත්තනවා..ඒයී..."

ඇසට ඇස බලන් ඉන්න ජින්ජිමින්ලා දිහා බලන් හිටි හොබී පිටිපස්සට වෙලා අන්තිම ලමයට මකන කෑල්ලකින් මේසේ දිග මනින්න කිව්ව සුගාට හෙමින් කෙදිරුවා..

ඒත් ඒක ඇහුන්නැති යුන්ගි අර ලමයට ටොකු අනිද්දි ජිමින්ව පැත්තකට කරපු ජින් යුන්ගි ලගට ගියා..

"හහ්...අද මන් ස්කූල් එනවද නැද්ද කියලා ඔයා ඇහුවේ මේකටද යූන් ???"

"අහ්...ජිනී...😶"

කටහඩින්ම තමන්ගේ පිටිපස්සෙ ඉන්නේ ජින් කියලා තේරුන් ගත්තු පූස්ට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවෝ මතක් උනා.

"එනවා යන්න මගේ කැබින් එකට.."

"අදනම් අපිට පූස් මයිලක්වත් ඉතිරි වෙන එකක් නෑ වගේ"

"මටත් හිතෙන්නේ 🥲..."

හොබියි ජිමිනුයි එහෙම මුමුනගද්දි එයාලා දිහාට හැරුනු ජින් එයාලව පිච්චිලා යන විදිහට රැව්වා.

"ඔයා අද උදේ ඉදන්ම ක්ලාස් එකේ හිටියේ නෑ කියලා මට කම්ප්ලේන් එකක් ආවා."

"උ ඌ.."

" ආයේ එහෙම උනොත් මන් කෙලින්ම එවන්නේ අප්පව..."

එහෙම කියපු ජින් භූමි තෙල් ගහපු ගැරඩියා වගේ යුන්ගිවත් අරන් කැෆේරියා එකෙන් වාෂ්ප උනා..

"අදනම් පට්ට අන්ලකී ඩේ එකක්.."

"සිරාවටම..ගැම්මෙන් හිටි අපේ නම්බුව බම්ලට ගියා..🤧"

ජිමින්ගේ කරෙන් අත දාගෙන එහෙම කිව්ව හොබී එයාලා දිහා බලන් ඉන්න ඇස් තොගෙන් ගැලවිලා ජිමින් එක්ක කැෆේ එකෙන් එලියට යන්න ගත්තා..

Attention pleaseWhere stories live. Discover now