Chapter 2

149 40 5
                                    

"ඕක නවත්තනවා කිම් ටේහියුන් !!! "

ජිමින්ගේ කටින් ටේගේ නම පිටවෙනවත් එක්ක ලී යොන්ග්ට ගහන එක නතර කල ටේටේ ජිමින් දිහාට හැරුනා..

"ආ මේ hp නේ..."

"තමුන් මොකක්ද මේ කරන වැඩේ තේරුම. ලැජ්ජ නැද්ද අහිංසකයන්ට අත උස්සන්න"

"හහ්....මට ලැජ්ජා තීන නැති එක ගැන හොයන්න තමුන් කවුද..."

"අතාරිනවා මගේ ඇදුම.."

ජිමින්ගේ කොලර් එකෙන් අල්ලගත්තු ටේටේ එහෙම අහද්දි ජිමින් කෑගැහුවා..

"තමුන් ස්කූල් එකේ hp උනාට මට වැඩක් නෑ..මගේ වැඩවලට අත දාන්න එන්න එපා එකම දේ ආයේ ආයේ කියන්න තියන්නත් එපා.එහෙම උනොත් මූගේ තැනට වෙලා ඔයා මගෙන් ගුටි කයි.."

එහෙම කිව්ව ටේටේ ජිමිනිව පැත්තකට තල්ලු කරලා ආයේ ලී යොන්ග් දිහාවට හැරුනත් ඒ වෙද්දි එයා එතනින් අතුරුදන් වෙලා හිටියා..

ඒ කේන්තියට ජිමින්ගේ බෙල්ලෙන් අල්ලන්න හිතුව ටේටේ අනික් පැත්ත හැරුනත් ඒ වෙද්දි ජිමිනුත් අතුරුදන් වෙලයි හිටියේ..

මේ පුන්චි රන්ඩුව දිහා බලන් හිටි ලමයි කීපදේනා තොල් තද කරන් එතනින් එහාට යද්දි ටේටේ කේන්තියෙන් ස්කූල් ගාර්ඩ්න් එකට ගියා...

Number oneWhere stories live. Discover now