Chapter 28

121 27 27
                                    

"ටේටේ....කොටියෝ...තාම දොයිද...ටේටේ.. කොටියෝ....තාම දොයිද....ටේටේ...."

ටේටේගේ රූම් ඩෝර් එක ඇරලා ඔලුව ඇතුලට දාපු ජිමිනි තාලෙට ඒම අහද්දි හීනෙනුත් ජිමිනිගේ කටහඩ ඇහෙනවා කියලා හිතුව ටේටේ කොට්ටෙන් එයාගේ කන්දෙක වහගත්තා..

"කොටියෝ...තාම දොයිද අනේ..නැගිටින්න. අපිට පාඩම් කරන්න තියේ...ටේටේ..."

කොට්ටෙන් කන් වහන් ඉන්න ටේගේ කොට්ටේ පැත්තකට කල ජිමිනි එහෙම කියද්දි පාන්දර නැගිටලා රූම් එකේ ලයිට් දාලා මේසෙ උඩ ඔලුව තියන් නිදාගන්න ටේටේ අනික් පැත්ත හැරිලා දිගටම නිදාගත්තා..

ඒකත් එක්ක ජිමිනිට ඊයේ එයාගේ පපා කියපු දේවල් අමතක වෙලා යද්දි එයා ටේගේ ඇගට පැන්නා..

"ආ..ඔම්මා...😩"

"නැගිටිනවා යෝදයෝ...ඊයේ රෑ අපේ අප්පා කියපුවා මතක නැද්ද.."

"හනේව්...මට නිදාගන්න දෙනවා..."

"යාහ්..තව විනාඩි දහයකින් පාන්දර හතර වෙනවා...ඉක්මනින් මූන සෝදන් පොත් ටික අරන් යමු පාඩම් මේසෙට..අප්පා දැනටමත් එතන..."

"විනාඩි පහෙන් මන් එන්නම්..දැන් පැත්තකට වෙනවා..."

ටේටේගේ ඇග උඩ පෙරලි පෙරලි ඉන්න ජිමිනිව තල්ලු කල ටේටේ ඒම කියද්දි ජිමිනි ටේගේ කනට කරලා මෙහෙම කිව්වා..

"බේබී..නැගිටින්නකො පැටියෝ..."

"මොකක්...??මන් ඔහෙට කිව්වා මට බේබී කියන්න එපා කියලා...මන් බබෙක් නේමේ හරිද...😐"

ජිමිනිගේ වචන වලින් හොල්මන් උන ටේටේ ජිමිනිව තල්ලු කරලා ඇදේ ඉදගන්න ගමන් ඒම කියද්දි ජිමිනි මහපාන්දරම භූමී මාතාවව සිපගත්තා..

"මගේ සප්තලං පස්ස...මන් ඔහෙව පපාට කියනවා.."

"ඕන එකක්..මන් නිදි..."

"යාහ්...එනවා යන්න..ඔය ඇති නිදාගත්තා.."

ආයෙම ඇදේ පෙරලෙන්න ගිය ටේටේගේ අත අල්ල ගත්ත ජිමිනි එයාව ඇදගෙන වොෂ් රූම් එකට ගිහින් මූන සේදුවා..

"ඔහේ මාරම වදයක් පාත්තයෝ.."

"බේබී...ඔයාට ඔයාගේ කොන්ඩේ එපා වෙලා මන් හිතන්නේ..."

Number oneWhere stories live. Discover now