Chapter 33

118 24 11
                                    

"මාත් ආදරෙයි...!!"

"ම්හ්..?"

"මාත් ඔයාට ආදරෙයි..කවදා කොහොම කොයි විදිහකට මන් ඔයාට ආදරේ කරන්න ගත්තද කියලා මන් නොදන්නවා උනත් මේ හිතේ ඔයා ගැන කැමැත්තක් ආදරයක් ගෞරවයක් තීනවා මිනී..මන් ඒක ඔයාට නොකියම ඔයාගෙන් ඈත් වෙලා යන්න හැදුවත් ආදරේ හිතේ හන්ගන් පස්සට පසුතැවෙන්න මටත් උවමනාවක් නෑ..ඉතින්..මාත් ඔයාට ගොඩාරියක් ආදරෙයි ජිමිනි..."

ජිමිනිගේ තෑග්ග එක අතක රදවන් අනික් අතින් ජිමිනිගේ පුන්චි අතක් තදින් අල්ල ගත්තු ටේටේ එහෙම කියලා කදුලු අතරින් ජිමිනි එක්ක ලස්සනට හිනාවුනා.

ටේගේ දිලිසෙන තරු ඇස් දිහා අතරමං වෙලා බලන් හිටි ජිමිනි ටේගේ තොල්වලට බරවෙද්දි ටේටේත් ජිමිනිගේ තොල්වලට ලන්වුනා..

විමින්ලගේ තොල් එකට යා වෙන තැන ඉදන් එයාලා එයාලගේ ෆස්ට් කිස් එක විදගන්න හැටි අල්ලපු බැල්කනි එකේ හිටි ලීයොන්ග්ගේ ෆෝන් එකේ විඩීයෝ වෙද්දි අහසින් තරුවක් කඩන් වැටිලා විමින්ලට ආශිර්වාද කලේ ඉස්සරහට කොයි තරම් ප්‍රශ්න ආවත් ඒ දෙන්නට ජින් ජූන් දෙන්නා වගේ ආදරයෙන් එකට ඉන්නයි..

"ස්තූතියි..මට ආපිට ආදරේ කරනවට.."

"ඔයාටත් ස්තූතියි..ඔයාගේ කුලුදුල් ආදරේ මට දෙනවට..."

මිනිත්තු කීපෙක සිපගැනීමකට පස්සේ එකිනෙකාගේ ඇස් දිහා බලාගත්තු ජෝඩුව ඒ විදිහට මුමුනගෙන එකිනෙකාට තුරුලු වෙද්දි ඒ හැම එකක්ම ෆොටෝ ගහගත්තු ලීයොන්ග් එයාගේ රූම් එකට රිංගුවේ එයාට තවත් මේ නාඩගම් දිහා බලන් ඉන්න බැරි නිසයි..

"අද මට ගොඩක් සතුටු දවසක් බේබී..."

"මටත්....ඒත් මේ සතුට කොයිතරම් කාලයක් තියේවිද දන්නේ නෑ මිනී...."

".."

"මගේ අප්පා ගන්න තීරන වලට පිටින් යන්න මට බැරි නිසා දවසක මට ඔයාව එපා කියන්න උනත් සිද්දවේවී..එදාට මට ගොඩක් සමාවෙන්න.."

"ඔයා මට ආදරෙයි කියලා දැනගන්න ලැබුන එකම මට ලොකු දෙයක් බේබී. ඉතිරි දේවල් දෛවයට අනුව සිද්දවේවී.."

"හ්ම්.."

ජිමිනිගේ පපුවේ මූන හන්ගන් ඉන්න ටේගේ ඇස් වලින් කදුලු ගලනවා දකින්න අකමැති උන ජිමිනි ඒ විදිහට ඒ කතාව නතර කරද්දි හුස්මක් පාත දැම්ම ටේටේ තව ටිකක් ජිමිනිට තුරුලු වුනා..

Number oneWhere stories live. Discover now