Chapter 26

127 32 26
                                    

"ඇයි ඔයා මන් දිහා ඕම බලන්නේ..මට ලැජ්ජයිත් වගේ...🙈"

ටේටේ තමන්ගේ රූම් එකට ආ වෙලේ ඉදන් පපුව හරහා අත්දෙකත් බැදන් ඇදේ ඉදන් ඉන්න ජිමින් දිහා බලන් ඉද්දි ටේගේ ප්‍රශ්නේ මගාරින්න වුවමනාවෙන් ජිමින් එහෙම ඇහුවා..

"හහ්...මන් තවත් ඔහෙගේ ඔය විකාර වලට කේන්ති ගන්නේ නෑ පක් ජිමින්.."

"හේහේ..ඒමද..."

"මට මේ දැන්ම...මෙතන වෙන හැමදේම දැනගන්න ඕනී..just now"

"ඉස්සෙල්ලා ඔයා ඔයාගේ මූන සෝදන් කූල් ඩවුන්වෙලා එන්නකෝ..."

"මට පේන්නේ ඔහෙට ඔය හුරතල් මූන මට කියලා කුඩුපට්ටන් කරගන්න ඕනි වෙලා වගෙයි...."

"ඇත්තටම මගේ මූන හුරතල්ද..."

නිකට යටින් අත්දෙක තියලා එක දිගට ඇහි පිල්ලන් ගහන ගමන් ජිමින් එහෙම අහද්දි ටේටේ වටපිට බැලුවේ තඩිම තඩි පොල්ලක් හොයාගන්නයි...

"ඔහෙට මන් කියපු හැමදේකින්ම ඇහුනේ ඒක විතරද පාත්තයෝ..."

"මේ මට පාත්තයා කියන්නෙපා..හරිය..."

පොල්ලක් වෙනුවට ජිමිනිගේ ටේබල් එක උඩ තිබුන කිරිගරුඩ වාස්එක අතට ගත්තු ටේගේ හඩට නොදෙවෙනි හඩකින්,

කොට්ටයක් අතට ගත්තු ජිමිනි එහෙම කියද්දි ජිමිනිගේ රූම් ඩෝර් එකට කන තියන් හිටි ජින්ට තේරුනා මේ දැන් ජිමින්ගේ රූම් එකේදි තුන්වෙනි ලෝක යුද්ධෙ වෙන්න යනවා කියලා..

මීට ස්වල්ප වේලාවකට කලින් කිචන් එකේදි ඇතිවෙන්න ගිය ආරවුල ජින් ජූන් ඩබල මැදිහත් වෙලා නතර කලත් මේ වලියට අත දාන්න එයාලට බෑ..

ටේ ජිමින් කියන මාලුවෝ දෙන්නා කොයි වෙලේක හරි එයාලා අතර තීන ප්‍රශ්න විසදගන්න ඕනිනේ..

ඉතින් එයාලට කරන්න පුලුවන් එකම දේ ජිමින්ගේ රූම් එක ඇතුලෙන් එන සද්ද වලට කන තියාගෙන ඉදලා වලියේ උච්චතම අවස්තාවෙදි ඇතුලට කඩන් පනින එක විතරයි...

"කොට මහත පාත්තයෝ අතාරිනවා මගේ කොන්ඩේ.."

"මන් මහත නෑ..ඉස්සෙල්ලා මට පාත්තයා කියන එක නතර කරනවා..නැත්තන් මන් ඔහෙගේ කෙස් ගස් එකින් එක ගලවලා ලොම් ගියපු කොටියන්ට ඇදුම් මහනවා..."

Number oneWhere stories live. Discover now