"නෑ..!!!ඒක කීයටවත් වෙන්න විදිහක් නෑ.. එයා මගේ දරුවා..තමුත් කියන සේරම බොරු.."
"ඇත්ත තිත්තයි මිස්ටර් කිම්..එදා ඔයාගේ නෝනගේ අයදිල්ල නිසා වගෙම මට ජින් එක්ක තිබුන කේන්තිය නිසා මන් අවුරුදු ගානක් තිස්සේ මැරි මැරි ඉපදුනා.ඒත් එයා ඔයාලා ලග හොදට ලොකු වෙද්දි මගේ අතින් වුන වැරැද්ද හරිගස්සන්න බැරි තරම් එකක් වෙද්දි මන් කොහොම හරි මගේ හිත හදාගත්තා.."
"..."
"ඒත් අද මගේ සර්ජරි එක වෙනුවෙන් හොස්පිට්ල් එකට ගිය මට දැකගන්න ලැබුන දේවල් නිසා මට මන් ගැනම කලකිරුනා.එදා ඩිලිවරි එකේදි මිසිස් කිම්ගේ බබා නැති වුනාම ඒ දරුවා වෙනුවට ඩොක්ටර් ජින්ගේ දරුවව ඔයාලට බාර දුන් එක ගැන මන් අද හොදටම පසුතැවෙනවා.මන් අද මගේ අතින් වුන වැරැද්ද හරි ගස්සනවා. ටේහියුන් තමුන් වගේ මිනිහෙක් ලග තවදුරටත් දුක්විදින්න ඕනි නෑ..."
ඩොක්ටර් චෝයි අන්තිමට කියපු දෙයින් කේන්ති ගත්තු මිස්ටර් කිම් ඩොක්ටර්ට තර්ජනේ කරන්න හිතන් ඉදන් හිටි තැනින් නැගිට්ටත් ගෙට ඇතුලු වුන පොලිස් ඔෆිසර්ලා නිසා එයා ගල් ගැහුනා.
"අපි ඔයාව ඇරස්ට් කරනවා මිස්ටර් කිම්"
කිම්ගේ ජීවිතේ අදුරු කාල පරිච්චේදය එහෙම ආරම්භ වෙද්දි ජින් ජූන් ජිමින් තුන්දෙනා මැෂින් ගොඩක් මැද ඇස් පියන් ඉන්න ටේ දිහා බලන් කදුලු ගලන ඇස් වලින් බලන් හිටියේ මීට සුලුමොහොතකට කලින් එයාලට දැනගන්න ලැබුන කටුක ඇත්ත නිසයි..
"එයාගේ බර්ත් ඩේ එක දෙසැම්බර් 27 වෙද්දි හැමෝම එයා අපේ පුතාද කියලා අහද්දි එයාට ඔයාගේ පුරුදු ගොඩක් තීද්දි මට හිතන්න තිබුනා ඒ අපේ නැති වුන පුතා කියලා.."
"මන් මොන වරදක් කලාටද ඩොක්ටර් චෝයි මට මේ වගේ අපරාදයක් කලේ..මන් මොන වරදක් කලාටද දෙවියනේ මට එහෙම වුනේ.."
"ඒක අපේ දෛවය ජිනී..දැන් ඔය ඇඩුවා ඇතිනේ..බලන්න අපේ මිනීත් හොදටම අඩනවා.."
තමන්ගේ අලුත්වෙන කදුලු පිහිදාලා ජින්ගේ කදුලු පිහලා ඒ මූන ඒ ලොකු අත්වලට මැදි කරගත්තු ජූන් අඩන ජිමින්ව පෙන්වන ගමන් එහෙම කියද්දි ජිනීගේ කදුලු තව අලුත් වුනා..