"ඉතින් මිස්ටර් කිම්..ඔයා මේ යෝජනාවට කැමතිද...?"
"මිසටර් නම්ජූන්ට මගෙ පුතාව හොදට බලාගන්න පුලුවන් කියලා සර් හිතනවද.."
"ඔව්..ඔයාගේ පුතාගේ පාඩම් වැඩවලට උදව්වෙන ජිමින්ගේ අප්පා එයානේ.ජිමින්ට කවදාවත් මැත්ස්වලට ලකුනු අඩුවෙලා නෑ ඒ මිස්ටර් නම්ජූන්ගේ උදව් නිසා වෙන්න ඇති..."
"ම්...ඒත් මිස්ටර් නම්ජූන්ව මන් දන්නෙවත් දැකලවත් නෑ..අනික පිට තැනක මගේ ලමයව ටික කාලයක් නවත්තන එක ගැන මගේ හිතට හරි නෑ..."
"මට ඔයාව තේරුම් ගන්න පුලුවන් මිස්ටර් කිම්..ඒත් ඔයාට බයවෙන්න කිසිම දෙයක් නෑ..ඔයාම කිව්වනේ නෙක්ස්ට් වීක්වල ඉදන් ටික කාලෙකට ඔයාට රටින් පිට ඉන්න වෙනවා කියලා.එහෙම එකේ ඒ දරුවා මාස ගානක් ගෙදර තනිවෙනවට වඩා මේක හොදයි මන් හිතන්නේ.."
"ඒ කතාවනම් ඇත්ත...හොදයි මන් කැමතියි පුතාව එහෙ නතර කරන්න හැබැයි මන් ආයේ එනකොට මගේ පුතාට සීරීමක් හරි වෙලා තිබුනොත් ඒ ගැන ඔයාට වගෙම මිස්ටර් නම්ජූන්ටයි එයාගේ ෆැමිලි එකටයි ගොඩාක් පසුතැවෙන්න වේවී..."
"හ්ම්..."
තෙලෙන් බැද්දත් කිරෙන් හැදුවත් කිම් කියන්නේ කිම්මයි කියලා තේරුන් ගත්තු ප්‍රින්සිපල් ජන්ග් සුසුමක් පාත දාලා නම්ජූන්ට කෝල් කලා..
"මිස්ටර් නම්ජූන් තව ටික්කින් ඔෆිස් රූම් එකට ඒවී.එතකොට මිස්ටර් කිම්ට පුලුවන් එයා එක්ක විස්තර කතාකරගන්න.ඒත් මිස්ටර් කිම්ගේ පුතා මේකට අකමැති වේවි ද දන්නේ නෑ..."
"හහ්..ඒ ගැන සර්ට බයවෙන්න දෙයක් නෑ"
ටේ නටන්න ඕනි තමන්ගේ පදේට කියන එක තරයේ විශ්වාස කල කිම් එහෙම කියද්දි ප්‍රින්සිපල් සර් හදවත ඇතුලෙන් හිනාවුනා..
සැරින් සැරේට අතපය බැන්ඩේජ් කරගෙන ස්කූල්එන ටේගේ කතාවෙන් එක දශමයක් දැනගත්තු මිස්ටර් ජන්ග්ට ටේ ගැන ලොකු දුකක් ඇති වුනේ එයා තමන්ගේ පුතාගේ වයසේ ඉන්න දෙමාපියන්ගේ හුරතලේ මැද්දෙ ලොකු වෙන්න ඕනි කෙනෙක් නිසයි...