Chapter 31

130 27 30
                                    

"වාව්...මෙහෙ හරිම හරිම ලස්සනයිනේ..."

"ම්..ජේජූ කියන්නේ ගොඩාආආආආරියක් ලස්සන තැනක්.ඔයා ජේජු වලට ආව නිසා ජේජු තවත් ලස්සන තැනක් වෙලා..."

සෝල් එයාර් පෝට් එකේ ඉදන් ජේජු එයාර් පෝට් එකවෙනකන් ෆ්ලයිට් වින්ඩෝ එකේ  එල්ලීගෙන ලස්සන බල බල ආව ටේටේ ජේජු එයාර්පෝට් එකෙන් බැහැලා වටපිට බලලා කිව්ව දේට ජිමින් දුන්න උත්තරෙන් ජින් ජූන් දෙන්නටම හිනා ගියා..

මොකද wwh ව අල්ලගන්න ජූනුත් ඔය වගේ පොඩි මුරුංගා ගස් වලා ජින්ව වාඩි කෙරෙව්වනේ..🤭

ජින්ජූන් දෙන්නා හිනාවෙන එක ටේගේ මී කන්දෙකට ඇහෙද්දි ජිමින්ගේ වචන නිසා රතුවෙලා තිබුන ටේගේ කන් තවත් තදින් රතු වුනා..

"මෝඩ කුකුලා..මේ ගෙදර උනානම් මන් ඔහේව අච්චාරුවක් කරනවා.."

"එව්වා කැත කතා බේබී..."

"මොකක්ද අච්චාරුවක් කරනවා කිව්ව එකද.."

"නෑ..මට මෝඩ කුකුලා කිව් එක..ඔන්න මන් කුකුලා වගේ හැම කිකිලි පස්සෙම ගියානම් ඕම කිව්වට කමකුත් නෑ..පෙම් සිත රිදුනා රත්තරනේ කියන්න තමා දැන් මට වෙන්නේ.."

"හහ්..කිකිලියෝ පස්සේ නොගියට පූස්සු පස්සේ යනවනේ.ඔයාට කුකුලා කියන්න ඒකම ඇති.රිදුනා හිත බම්බු.."

ටේටේ හිතට ආපු කේන්තිය ඒ විදිහට පිට කරත් ඒ වචන වලට ඉරියව් මාරුවෙන ජිමින්ගේ මූන දැක්ක ටේටේ යටි තොල හපන් අනික් පැත්ත හැරිලා එයාගේ නලල තදින් පිරිමදින්න ගත්තේ ජිමිනි පටන් ගන්න යන කන් කරච්චලෙන් තමන් වල පල්ලට යන නිසයි...

"ඔ..හෝඕ....අපේ ටේ කොම්ලට ජෙලස් ද.."

"ඒ මොන කෙහෙල් මලකට..."

"මේ කුකුලා පූස්සු පස්සේ යනවට.."

"මට ඇති ජෙලක් නෑ..මන් කිව්වේ ඔයාට කුකුලා කිව්වට පව් නෑ කියලා..😒"

"අනේ යන්න මොත්තේ නොදා..ඔයාට ඉරිසියා හිතුනනේ...ඇත්ත කියන්න මට.."

අනික් පැත්ත හැරුන ටේගේ ඉස්සරහට ඇවිත් කියෙව්ව ජිමිනි ටේගේ අත එයාගේ මූනෙන් අයින් කරලා ඒ මූනට එබෙන ගමන් එහෙම අහද්දි ටේගේ මූන තවත් රතු වුනා..සමහරවිට ජේජුවල කාලගුනේ ටේට හුරුනැති නිසා වෙන්නැති..

Number oneOnde histórias criam vida. Descubra agora