Chapter 35

84 17 8
                                    

"එහෙනම් මන් ගිහින් එන්නම්.මන් ඔයාලට ගොඩක් ආදරෙයි..."

"අපිත් ඔයාට ගොඩාආආආආරියක් ආදරෙයි..ඔයා අද මෙහෙන් ගියත් අපි ආයේ ආයේ මුන ගැහෙනවනේ ඒ නිසා දුකින් ඉන්න එපා.."

ටේගේ නලලින් ආදරනීය හාදුවක් තිබ්බ ජිනී එහෙම කියලා එයාගේ ඇස් වලට උනන කදුලු හන්ගගද්දි ටේව තමන්ගේ උනුහුමට ගුලිකරගත්තු ජූන් ටේව තදින් හග් කලේ එයාගේ හිතට දැනෙන හැගීම වචන කරන්න එයාට බැරි නිසයි..

මේ ගෙවුන මාස ගානට තමන්ගෙම පුතෙක් විදිහට බලාකියාගත්ත පුංචි වලස්පැටියා ආයේ එයාගේ අප්පා එක්ක එයාගේ ගෙදර යනවා කියන එක ජින් ජිමින් දෙන්නට වගෙම ජුනීටත් දරාගන්න අමාරු දෙයක් වුනා...

ඒත් මොනා කරන්නද මිස්ටර් කිම්ව හැමදාමත් කොරියාවෙන් පිට තියන්න එයාලට බෑනේ...

"මන්..මන් ගිහින් එන්නම් මිනී..."

ජූන්ගේ තුරුලෙන් ඈත් වුන ටේටේ තමන්ට ඇඩේවී කියලා බයෙන් තොලක් හපන් ඉන්න ජිමිනිගේ පුන්චි අතක් අල්ල ගත්තු ටේ එහෙම කියද්දි කදුලු වලින් බොද වෙලා තිබුන ජිමිනිගේ ඇස් ටේගේ බොදවුන ඇස් එක්කලා යා වුනා.

"මට ඔයාව ගොඩක් මතක් වේවී..මට ආයේ රන්ඩු කරන්න ඔයා ලග නෑනේ.."

"අපි ස්කෝලෙදි මුන ගැහෙනවනේ.එහෙදි අපි හිතේ හැටියට රන්ඩු වෙමු.."

ජිමිනිව හග් කරන් එහෙම කිව්ව ටේටේ එයාගේ කම්මුලක් දිගේ ගලන් ගිය කදුලු බින්දුව පිහදාලා ජින් ජූන් ජිමින් තුන්දෙනාට බායි කියලා එයා ජූන්ගේ ගෙදර එද්දි අරන් ආපු ලැගෙජ් එක අරන් එයාගේ අප්පා එව්ව කාර් එකට නැගලා නොපෙනී යද්දි ජින් අඩාගෙන එයාගේ රූම් එකට දිව්වා.

"මන් පපා ගැන බලලා එන්නම්..."

ජිමිනිගේ පිටට තට්ටුවක් දාලා එහෙම කිව්ව ජූන් එයාලගේ රූම් එකට යද්දි ගේට් එක දිහා තවත් මිනිත්තු කිහිපයක් බලන් හිටි ජිමිනි ටේගේ රූම් එකට ගියා..

කොරියාවෙන් පිටවෙලා හිටිය මිස්ටර් කිම් ආයේ කොරියා වලට ආ ගමන් ටේව ගෙදර ගෙන්න ගන්න කාර් එකක් ජූන්ගේ ගෙදරට එවලා තිබුනා..

ඉතින් අකමැත්තෙන් උනත් ටේට ජිමින්ගෙ ගෙදරින් පිටවෙලා ආයෙම එයාගේ ගෙදර බලා පිටත් වෙන්න සිද්දවුනා..

Number oneWhere stories live. Discover now