Chapter 25

125 35 10
                                    

"බහින්න..."

"අහ්..."

වෙනසිහියකින් කාර් එකේ වාඩිගෙන ආව ටේටේ අප්පගේ හඩින් ගැස්සිලා අප්පගේ කීම අහලා කාර් එකෙන් බිමට බැස්සා..

*ම්..ලස්සන හුරුබුහුටි ගෙදරක්...*

"ඔයා ටික කාලයක් යනකන් මේ ගෙදර නවතින්න ඕනී..මගේ නම රැකගෙන හොදට ඉගෙනගන්න..."

"ම්...හරි අප්පා..."

"යමු ඇතුලට..."

ගෙයි දොරකඩ හිටන් ඉන්න ජින්ජූන් දිහාට බැල්මක් දාලා ටේට එහෙම කිව්ව කිම් ටේ එක්ක ජූන්ගේ ගෙට ඇතුලු වුනා...

few minute later

"මන් එහෙනම් ගිහින් එන්නම් මිස්ටර් නම්ජූන්..මන් කියපු හැමදේම ඔලුවේ තියාගෙන වැඩ කරන්න.."

"හරි මිස්ටර් කිම්..ඔයාගේ පුතාව අපි හොදින් බලාගෙන එයාගේ ඉගෙනීමේ වැඩවලට උදව් කරන්නම්.."

"ම්...කෝ ඔයාගේ පුතා..."

"එයා යාලුවෙක්ගේ ගෙදර ගියා..තව ටික්කින් ඒවී..."

කිම් එක්ක හිනාවුන ජූන් එහෙම කියලා මිනිත්තුවක් යන්න කලින් ජූන්ගේ ගෙදරට ඇතුලු වුන කාර් එකෙන් ජිමින් එලියට බැස්සා..

ඒත් ජිමින් එක්ක කතාකරන්න තරම් වෙලාවක් කිම්ට නොතිබුන නිසා එයා ජිමින්ගේ කොන්ඩේ අවුස්සලා තමන්ගේ කාර් එකට නැගලා සෝල් එයාර්පෝට් එකට පිටත් වුනා..

"මොකෝ වුනේ අප්පා..කෝ ටේටේ..."

"එයා ඇතුලේ පපා එක්ක..කිම් යනකොට ඒ ලමයා අඩන්න ගත්තනේ..."

"ඔහ්..."

"මොනා වුනත් ඒ ලමයා අප්පට හරි ආදරෙයි වගේ..."

"ම්..."

"ඉතින් මොකෝ ඔයා ගිය ගමන..."

"මන් පූස් පූස්ව බලලා බලෙන් බෙහෙත් ටිකත් පොවලයි ආවේ..පව් එයා මේ ටික දවසට ගොඩාක් ඇදිලා ගිහින්.."

"ඒකනේ කියන්නේ ඕනිවට වඩා මහන්සි වෙන්න හොද නෑ කියලා.."

"ම්...."

"මට තීන ප්‍රශ්නේ පැය 9 විවේකය එක්ක ටේහියුන් කෝමද ඔච්චර හුරුබුහුටියට ඉන්නේ කියන එක..."

"ඒකා ඔය ටයිම් ටේබල් එක ෆලෝ කරන්නේ නෑ අප්පා..ඒත් එයා කැපවීමෙන් වැඩ කරනවා..."

"ම්...ඒකනේ..මන් ඔයාගේ පපා එක්කත් කිව්වා ඒම වෙනවා ඇති කියලා.."

ජිමිනිගේ කරෙන් අතදාගත්ත ජුනී ඒම කියන ගමන් ජිමින් එක්ක කිචන් එකට ගියා...

"ඉතින් අන්තිමට All is well කියලා ඒ ලමයට පිලිගන්න සිද්දවුනා....."

ටේගේ කදුලු පිහලා එයාට ලොකුම ලොකු කතාවක් කියලා දුන්න ජිනී ස්ටෝබරිකේක්  එකට හැන්දෙන් ඇන ඇන ඉන්න ටේගේ මූන දිහා බලලා ලස්සනට හිනාවුනා..

ඒත් ඒ හිනාව දැක්කෙනම් ජිමිනියි ජුනියි විතරයි...

"අහ්...මිනී...ඔයා ආවද..."

ජූන් එක්ක කිචන් එකට ඇතුලු වුන ජිමිනිව දැක්ක ජිනී එහෙම අහද්දි ටේටේගේ ඇසුත් නිකන්ම පිටිපස්සට හැරුනේ ජිනීගේ කටහඩේ පිරිලා තිබුන සතුට නිසයි..

එකයි.. දෙකයි.. තුනයි...

ජිමින්ගේ පැත්ත හැරිලා ආයෙම කේක් එක දිහා බැලුව ටේටේ ක්ෂනිකව එයා ඉදන් හිටි පුටුවෙන් නැගිටලා සම්පූර්නයෙන්ම ජිමිනිගේ පැත්ත හැරුනා...

"හායි ටේටේ...නයිස් ටූ මීට් යූ....😁"

"ඔහේ ??"

"හී හී...😁"

"යාහ්හ්හ්හ්....පක්....ජිමින්...😑"

ස්කූල් ඇරිලා ගෙදර ආ වෙලේ ඉදන් රග දැක්වෙන මේ නාට්‍යයේ තිර රචකයා ජිමින් කියලා තේරුන් ගිය සැනින් ඉන්න තැන අමතක කල ටේටේ රතු වුන මූන පුම්බන් ඒම කෑ ගහද්දි බඩුබනිස් තමයි කියලා ජින්ජූන් ඩබලට තේරුනා...

------------------------------------------------------------

yoonji9397 🤧💗

Number oneWhere stories live. Discover now