Chapter 21

112 34 9
                                    

"ම්...මේ ක්‍රීම් එක ඔයාගේ ලග තියාගන්න..."

"ඒ මොකටද..."

ආපහු තමන්ගේ ගෙදර යන්න ලෑස්ති වුන ජිමිනි දික් කරපු බෙහෙත් ටියුබ් එක දිහා බැලුව ටේටේ එහෙම ඇහුවා..

"ඇගේ තීන තුවාල ටික හොද වෙනකන් ගාන්න..."

"ඕනී නෑ..."

"ඇයි ඒ..."

"ඕවට බෑ මගේ තුවාල සනීප කරන්න.."

ඇගේට වඩා හදවතේ තුවාලේ වේදනාව වැඩි නිසා අහක බලාගත්තු ටේටේ එහෙම කියද්දි ජිමිනිගේ මූඩ් අවුල් යන්න ගියත් එයා මවාගත් පොඩි හිනාවක් එක්ක ටේට ආයෙම කතා කලා..

"ඒක හරී..ඒත් මේකට පුලුවන් ඔයාගෙ ලස්සන හම උඩ තීන තුවාල කැලල් මකලා දාන්න..."

"..."

"මේක අද රෑටයි හෙට උදේටයි ගාගන්න.."

"බෑහ්....ඕක නිකන්ම හොදවේවී..මන් ගැන කවුරුත් වදවෙන්න ඕනි නෑ.."

ජිමිනිගේ බෙහෙත් ටියුබ් එක ගන්න එක ටේටේ ඒ විදිහට ප්‍රතික්ෂේප කරද්දි කට කොනට හිනාවක් ගත්තු ජිමිනි එයාගේ තොල්පටක් ලාවට හපන් ටේ දිහා බැලුවා.

"කමක් නෑ බේබී..මන්ම හෙට ආ වෙලේට බෙහෙත් ටික ගාලා ඔය තුවාල හොද කරන්නම්කෝ.."

"ඔයා ඔය හදන්නේ දත් නැතිව බත් කන්න පක් ජිමිනි.."

"හා හා....ඔයා නිතරම මට පක් පක්....ගාන්නේ වැරදිලාද නැත්තන් මොන...හරී.."

"ඔහේ ගානට වැඩියි ජිමින්...මට ආයේ බේබී කිව්වොත් මන් ඔහෙට කරනවා හොද වැඩක්..."

"හොද වැඩක් නම් ඉතින් කමක් නෑ බේබී.."

"මන් තමුන්ට.."

ටේටේ එයාට ඇහැක් ගහලා පොත් බෑග් එකත් අරන් රූම් ඩෝර් එක ලගට යන්න හදපු ජිමිනිට ගහන්න ගියත් එයාට එයාගේ අප්පගේ කටහඩ ඇහුන නිසා ජිමින්ට ගහන වැඩේ අතෑරලා දැම්ම ටේටේ ඩෝර් එක ඇරගෙන ජිමින් එක්ක රූම් එකෙන් එලියට ගියා....

"පුතාගේ අප්පා කාර් එක එවලා..මන් හිතන්නේ පුතාට යන්න වෙලාව හරි..."

"ඔව් අංකල්...මන් මේ යන්න ලෑස්තිවෙලා තමා පහලට ආවේ..."

"මගෙ පුතා ඔයා කියලා දීපු පාඩම් වැඩ හරියට කලාද පුතා..."

"ඔව් අංකල්..එයා අද ස්කූල් එකෙන් දීපූ හෝම්වර්ක් ඔක්කොමත් කම්ප්ලීට් කලා.."

"ඔහ්..ඒක හොදයි..එතකොට රෑට පාඩම් කරගන්න වෙලාව ඉතිරියිනේ..."

"ම්...ඒකනේ අංකල්..මන් එහෙනම් යන්නම් අංකල්..."

"හරි පුතා..ඔයා හෙටත් එනවා නේද..."

"ඔව් අංකල්..."

හිනාවෙවී කතා කරන තමන්ගේ අප්පගෙයි ජිමින්ගෙයි දිහා දුක දෝරේ ගලන හදවතින් ටේටේ බලන් හිටියා..

*කමක් නෑ..අප්පා එයා එක්කවත් හොදට කතා කරනවනේ...*

ඒ විදිහට හිතලා තමන්ගෙ හිත හදාගන්න ට්‍රයි කරපු ටේටේ ජිමින් එක්කම එයා යන කාර් එක ලගට ගියේ එයා එහෙම කරන්න ඕනි කියලා එයාගේ හිත වගෙම අප්පත් කිව්ව නිසයි...

"මන් එහෙනම් ගිහින් හෙට ආයෙත් එන්නම් බේබී.."

"මන් කි-"

"ආආ..හෙට මන් එද්දි තුවාල වල බෙහෙත් ගාන් හිටියේ නැතිත් සත්තයි මන් හෙටත් ඔයාගේ තුවාල වලට බෙහෙත් දානවා.."

ටේගේ කතාවට බාදකරලා එහෙම කිව්ව ජිමිනි කාර් එකට නගින දිහා ටේටේ බලන් හිටියේ නුරුස්සනා බැල්මකින්..

*එයා කවුද මට එහෙම තර්ජනේ කරන්න අපි බලමුකො පක් ජිමින්..*

"බායි..😙"

ජිමින්ගේ කාර් එක කිම් ගෙදරින් පිටත් වෙන්න කලින් ජිමින් ටේට අතවනලා තොල් උල්කරලා ෆලයි කිස් එකක් එවද්දි එයා ඉක්මනින් වට පිට බැලුවේ කවුරු හරි ඒක දැක්කද කියලා..

*මේකනම් පිස්සෙක් වගේ..මට සෙට් උනොත් සෙට් වෙන්නේ පිස්සොයි නපුරු මිනිස්සුයි දාලා යන අයයි විතරයි...*

ජිමින්ගේ වාහානේ පිටත් වෙන දිහා බකන් ඉදලා හුස්මක් පාතදාලා එහෙම හිතුව ටේටේ ආපිට හැරිලා ගෙට ගියා...

-----------------------------------------------------------
මේ අහන්නකො..ජිමින්ට ටේ ගැන ආදරේ හිතිලා නෙමේ එයා මෙහෙම හැසිරෙන්නෙ එයාට ටේගේ ජීවිතේ ගැන දුකයි.ඒත් එයාට ඒක පෙන්වලා ටේව තවත් පහලට ඇදලා දාන්න බැරි නිසා එයා ටේව දුකින් ඈත් කරන්නයි එහෙම හැසිරෙන්නේ...

Number oneWhere stories live. Discover now