Chapter 02

136 11 0
                                    

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය 🗡🩸]

Chapter 02.

🎭 " Dark Slayer is back 😈 "

______________________________________________...

𝘉𝘳𝘦𝘢𝘬𝘪𝘯𝘨 𝘕𝘦𝘸𝘴..

👤 " මෙන්න දැන් ලැබුණු පුවතක්... ඊයේ රාත්‍රියේ ඝාතනය කලායැයි සැක කරන මළ සිරුරක් seoul National park එක අසල කසළ අංගනයේ තිබී අද උදෑසන පොලිසිය විසින් සොයා ගෙන ඇත.. මෙය දරුණු ඝාතකයකුගේ ක්‍රියාවක් ලෙස සැක කරන අතර මල සිරුරේ හිස අතුරුදන්ව පවතී... පොලිසිය මේ පිළිබදව තවමත් විමර්ශන කටයුතු සිදු කරමින් පවති...
මෙවන්ම මළසිරුරු හතරක් seoul නගරයේම වෙනත් ස්ථාන වලින් පසුගිය දින වල සොයා ගත් අතර මෙය නැවත දාමඝාතකයන්ගේ නැගී සිටීමක් ලෙසටද සැක පහල කරයි... කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ අපරාදකාරයා කවුරුන් වුවත් දුටු තැන වෙඩි තැබීමට වරෙන්තුවක් අධිකරණය විසින් නිකුත් කර ඇති බවයි... "

" ඔන්න ඕක off කරලා වෙන වැඩක් බලපන් බන්.. "

" ඒත් ටෙයා උබ දන්නවනේ seacrat agent ලා විදිහට අපි මේකට සම්බන්ධ වෙන්න ඕන.. "

" කවුරුත් අපි agent ලා කියලා දන්නේ නෑ.. ඒ නිසා වැඩක් බලාන් ඉදපන් ජිමිනා.. "

රූපවාහිනීයේ ප්‍රවෘත්ති බලමින් හිටි තම මිතුරාට ටෙහ්‍යුන් පැවසුවේ ඔහු සමග නොරිස්සුම් සහගතවයි... ඔවුන් දෙදෙනා රහස් පරීක්ෂකවරුන් දෙදෙනෙක් වුවත් කිසිම කණ්ඩායමකට සම්බන්ද නැහැ.. ජිමින් කියන්නේ කුඩා කාලයේ සිටම මෙවැනි අභිරහස් සෙවීමට උත්සුක අයෙක් වුනත් ටෙහ්‍යුන් කියන්නේ හුගක් නිහඩ තරුණයෙක්.. කෙතරම් ජිමින් දඩබ්බරයෙකු උනත් ටෙහ්‍යුන්ගේ එක වචනයකට පුලුවන් වුණා ජිමින්ව සන්සුන් කරවන්න.. ඔවුන් දෙදෙනා කුඩා කල සිටම මිතුරන් වූ නිසාත් එකටම ළමා නිවාසයක හැදී වැඩුණු නිසාත් මොවුන් අතර තිබුණේ මිතුරන් දෙදෙනෙකුට වඩා සහෝදරයන් දෙදෙනෙකු අතර තිබෙන බැදීමක්...

𝘋𝘪𝘯𝘨 𝘋𝘰𝘯𝘨🛎

නිවසේ සීනුව නාද වෙනවත් සමගම දොරට අයෙකු එක දිගට තට්ටු කරන හඩක් ඇසුනේ ටෙහ්‍යුන් වගේම ජිමිනුත් ප්‍රෂ්නාර්ත බැල්මකින් දෙදෙනාගේ මුහුණු දෙස බලද්දියි...

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now